saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8186 hours ago

LATEST

කොවිඩ් රෝහල්ගත කිරීම් ඇමෙරිකාවේ තව ඉහළට

calendar_today 2020 දෙසැ 24 - 07:33 remove_red_eye - 221  

එක්සත් ජනපදය වර්තමාන කොවිඩ්-19 දෛනික රෝහල් ගත කිරීම් 119,463ක් ගෙවීගිය බදාදා දිනයේ වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට නව වාර්තාවක් බව සඳහන් වෙයි.

කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මිනිස් සිරුර පොළඹවන, වෛරසයේම හානිකර නොවන කොටසක් භාවිත කරමින් නිපදවා ඇති ZF2001 එන්නත, මේ වනවිට චීනයේ ප්‍රමුඛතම එන්නත් අපේක්ෂකයන් පස්දෙනාගෙන් එකකි.

Read More

සිය ධුරයෙන් නික්ම යෑමට පෙර ජනපති ට්‍රම්ප් විසින් මිත්‍ර පාර්ශ්වයේ 26 දෙනෙකුට මේ ආකාරයෙන් ජනාධිපති සමාව ලබාදී ඔවුන් දඬුවම්වලින් නිදහස් කර ඇත.

Read More

කොරෝනාවැක් හි අවසාන අදියර සායනික පරීක්ෂණ අවසන් කළ පළමු රට බ්‍රසීලය වන අතර, එය ඉන්දුනීසියාවේ සහ තුර්කියේද අත්හදා බලමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථනයකින් කියැවෙන්නේ ජනවාරි 16 වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 419,000 සිදුවිය හැකි බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,727,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලෝකයේ බොහෝ රටවල් වෛරසයට එරෙහි එන්නත් වැඩසටන් වෙත යොමුවන ආකාරයක් දක්නට ලැබෙයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මෘත දේහය ඉවත්කරගැනිමට කටයුතු නොකළහොත් හෙට (24දාා) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍යවරුන් සිය සේවා කටයුතු වලින් ඉවත්විමට තින්දුකොට ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා පවසයි.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 231ක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

Read More

තවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය

Read More

දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 4ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.

Read More

නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම, බරපතල තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්‍රිකුණාමලය දිසාමති සමන් දර්ශන පඬිකෝරාළ මහතා පවසයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

මග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් තවත් කොරෝනා රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වාර්තා සනාථ කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (23) පැවසීය.

Read More

ඉතාලියේ මිලාන් නුවර ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් ආසාදනය උත්සන්න වී මිලාන් නුවර සැන් කාර්ලෝ රෝහලේදි පෙරේදා (21 දා) මියගොස් තිබේ.

Read More

මෑතකදී නිකුත් කරන ලද උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු (ඉසෙඩ් ස්කොර්) අනුව විශ්ව විද්‍යාල සඳහා ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

Read More

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 06 දෙනෙකු එකවර හමුවීමත් සමග මාතලේ මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශ‍යට අද (23) උදෑසන සිට සෞඛ්‍ය උපදෙස් අනුව සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මාතලේ මහනගර සභාවේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා පැවසීය.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.

Read More

(LONG READS)රෝයල් එන්ෆීල්ඩය සැබවින්ම ජවාධික ලෝමුවා තුරඟෙකි. නමුත් එන්ෆීල්ඩයක නැගී සැරිසරක යෙදෙන්නෙකුට නිරායාසයෙන්ම හැඟී යනු ඇත්තේ, එන්ෆීල්ඩය අරා ධාවනය කිරීමේ සැබෑ සන්තුෂ්ටිය පැමිණෙන්නේ වේගය මතින් නොවන බවයි. එන්ෆීල්ඩය ධාවනය ආහ්ලාදයක් වන්නේ, ගැඹුරු, පහත් ගිගුරුම් හඬක් දෙමින් මෙම යන්ත්‍රය මඳ වේගයකින් ධාවනය කරන විටයි. කොළඹ සිට රිවස්ටන් බලා යන අපි, එම ආහ්ලාදය විඳිමින් පසුවෙමු.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 23 වනදා පෙරවරුව දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1345 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (23) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .යු .මධුෂාන් මහතා පැවසීය

Read More

ආණ්ඩුව පත්වූයේ ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීමට බවත් ජනතා අවශ්‍යතා ඉටුකල නොහැකි නම් ආණ්ඩුවේ ඉඳිමෙන් ඵලක් නැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලඥයන් මෙන්ම රජයේ නිලධාරීන් ද යැපෙන්නේ ජනතා මුදලින් බවයි. ඒ නිසා ලැබෙන වැටුපට සාධාරණය ඉටුකිරීම සියලු දෙනාගේ වගකීම බවද ඇමතිවරයා අවධාරණය කරයි.

Read More

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ ඊයේ දින සවස වනවිට හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 212ක් බවත්, පවුල් 66ක පුද්ගලයින් 250 දෙනෙකු මෙි වනවිට නිරෝධායනය වෙමින් පවතින බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලනමහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප‍්‍රියන්ත මහතා පවසයි.

Read More

තංගල්ල නගර සභාවේ සභාපතිවරයා 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛණය ඉදිරිපත් කිරිමේදී නගරසභා අඥාපනත හා උප නීති උල්ලංඝණය කොට ඇති බවට අනාවරණය වී ඇති හෙයින් අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයාට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට තිබේ.

Read More

විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277ක් ගුවන් යානා 12 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇතැයිදකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.