saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7758 hours ago

LATEST

ගම්පහින් කොවිඩ් ආසාදිතයන් 4557ක්

calendar_today 2020 නොවැ 11 - 11:37 remove_red_eye - 749  

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 57,222 දෙනෙකු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත ඔහු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටියදී පසුගිය 9 වන දින ඇද වැටීමෙන් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව හිස යමක ගැටීමෙන් මොළයට රුධිර කාන්දුවක් නිසා සිදුවූවක් බව අද (11දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ රෝගාතුර වීමෙන් අද (11) අලුයම මියගොස් ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු , මෙරට රජයේ විශේෂ අවසරය මත විශේෂ ගුවන් යානයකින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය විසින් එම ආසාදිතයින් නිරෝධායනය සඳහා හුදෙකලා කරන ලද ප්‍රදේශවල මෙන්ම ස්වයං නිරෝධායනය කෙරෙන නිවෙස් වල ආසාදිතයින් බැහැර කරන මුව වැසුම් හා අත්වැසුම් යනාදී අපද්‍රව්‍ය දැඩි ලෙස පරිසර හානිකර බව පෙනී ගොස් ඇත.

Read More

මැනින් වෙළඳපොළ කොළඹින් පිටත තාවකාලිකව පෑලියගොඩදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපර භාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යම් රෝහල් ගත වීමක් සඳහා ගිලන් රථයක් අවශ්‍ය නම් ඒ සඳහා ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි දුරකතන අංකය 011 3422558.

Read More

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට මේ දිනවල නරක ග්‍රහයෙක් ලබා ඇති බවත් එම නීච ග්‍රහයා මාරු වන තුරු ඔහු කට වහගෙන සිටිය යුතු බවත් එසේ නැති වුවහොත් ඔහු අමාරුවේ වැටෙන බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවැසීය.

Read More

විදේශගත වී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු ඊයේ රාත්‍රියේ හා අද අලුයම කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියේය.

Read More

නව කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව ආසන්නතම ආසාදන මිලියන 10ක සීමාව පසුකළ අවස්ථාවයි.

Read More

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එරට තේරීපත් වූ ජනපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය අමතමින් බොහෝ දෙනෙකු විමතියට පත් කළේය.

Read More

එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසංගතය අවසන් කිරීම සඳහා ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත ඉතා වැදගත් මෙවලමක් බවය.

Read More

මේ වනවිට ඉතාලියේ දැඩි සත්කාර ඒකක තුළ රෝගීන් 2,971ක් සිටින අතර, එය පෙර දිනට සාපේක්ෂව රෝගීන් 122ක වැඩිවීමකි.

Read More

කොවිඩ්-19 වෛරසය පිටුදැකීම සඳහා 90%කට වඩා ඵලදායී බවක් පෙන්වන එන්නතක් මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වන අතර, මෙම එන්නත නිපදවීමේ පර්යේෂණ පිටුපස සිටි විද්‍යාඥ යුවළක්ද ඒ ආකාරයෙන්ම කතාබහට ලක්වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 51,300,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැඳවියන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

Read More
අයවැය 17 දා
10 11 2020 22:23:00
0 270

2021 වර්ෂය සඳහා වන අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

Read More

ඉන්දියානු ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (10දා) අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයන් 125ක් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මෙම සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

Read More

සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.

Read More

කොවිඩ් 19 දෙවන රැල්ල මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වි ඇති බවත් , ජනාධිපතිතුමා පවසන ආකාරයට මෙම රැල්ල පාලනය කිරිමට ජනතා සහයෝගය අත්‍යාවශ්‍ය බව තම පක්ෂය පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ 41 වැනි කොවිඩ් මරණය රාගමින් වාර්තා වී තිබේ. රාගම පදිංචි 48 හැවැරිදි පුද්ගලයෙක් නිවසේදී මියගොස ඇති අතර රාගම රෝහලේදී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ දායකත්වය 2020.10.31 දිනට රුපියල් 1,668,379,121.74 ක් විය.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රොගින් 50 දෙනෙකු පමණ මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති බවත් , ඉන් 40 දෙනෙකු පමණ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවු බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

Read More

කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.