saravita-anim2

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 7994 hours ago

LATEST

73 වැනි නිදහස් දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්

calendar_today 2021 පෙබ 04 - 20:34 remove_red_eye - 219  

ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනපති ෂී ජින් පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සේවය කරන රියැදුරුවරයෙකුට ඉකුත් 02/02 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු එම අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගින් හය දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තවත් එක් රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (03) දින තහවුරු වු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.

Read More

දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදි ගැනීම සඳහා ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධර යටතේ දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දේපාර්තමේන්තුවට වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදි අනාවරණය වී ඇත.

Read More

තවත් 684 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,567ක් දක්වා ඉහළ ගොස් ඇ​ත.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව කමිටු සාමාජිකයන් විසින් විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන ලදි.

Read More

මෙරට විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දැක්වූ ප්‍රතිවිරෝධය හේතුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

Read More

කෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොළඹ - පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව - ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

Read More

තලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.

Read More

කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරී​ම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

නිවසේ දී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයකු කෙ‍රෝනා ආසාදිත බව අද (04) ලැබුණු පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

පාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.

Read More

අපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.

Read More

හිනිදුම පොලිස් බල ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 74 දෙනෙකු වාර්තා වි ඇති බැව් හිනිදුම පොලිසිය පවසයි.

Read More

නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ (04) ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146ක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

Read More

1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නිදහස සැමරිය හැකිද? ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සටහන ගෙන එන්නේ අප ආර්ථික නිදහසක් ලබා ඇතිද යන්න පිළිබඳවය.

Read More

විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

73 වැනි නිදහස් සැමරුවේ සජීවී විකාශය

Read More

ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුවට ශ්‍රී ලංකා කොඩිය එක්කර තිබේ.

Read More

73 වැනි ජාතික නිදහස් දිනයට සමගාවීම යුද හමුදාවේ 8563කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ 73 වැනි අභිමානවත් නිදහස් දිනය අදට (04දාට) යෙදී තිබේ. නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Read More

මේ අතර චීන සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන්හි මිලියනයක පළමු කාණ්ඩය පෙබරවාරි 9 වැනි දින පේරු වෙත පැමිණෙන බව අග්‍රාමාත්‍ය වයලෙටා බර්මියුඩෙස් සිකුරාදා නිවේදනය කළ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවය පවසයි.

Read More

ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රා තෝගයේ 40,000ක් හංගේරියාවට පැමිණ ඇත්තේ, රුසියානු එන්නත භාවිත කරන යුරෝපා සංගමයේ පළමු රට බවට රට පත්වෙමිනි.

Read More

මෝඩර්නා හි කොවිඩ්-19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආසියාවේ පළමු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.