බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු එම අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගින් හය දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තවත් එක් රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (03) දින තහවුරු වු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
පෙර අසාදිතයා අනුරාධපුර නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුල් කිරිමෙන් පසු එම අසාදිතයා එම නිරෝධායන මධ්‍යස්ථානයේදි (04)දින ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව චැපල්ටන් වතුයායේ පදිංචි එම්.නාරායන් නැමති (72) තිදරු පියෙකි.
ජිවිතක්ෂයට පත් අසාදිතයාගේ පුතා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයෙකු වන අතර , ඔහුට සහ ඔහුගේ බිරිදට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයන් දෙදෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටියි.
බගවන්තලාව ප්‍රාදේශිය රෝහල (01) දින සිට තවදුරටත් තාවකාලිකව වසා දමා ඇති බවත් , රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි වෛද්‍ය එ.එස්.කේ.ජයසුරිය මහතා කියා සිටියේ.
රෝහලේදි හදුනාගත් පෙර අසාදිතයා ඉකුත් මස 29 දින දින දෙකක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දියවැඩියා රෝගය සදහා නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර , එම රෝගියාගේ පුතා සහ ලේලියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට කිසිදු දැනුම් දිමක් සිදු නොකල බවත්, සෞඛ්‍ය උපදෙස් මත කඩිනමින් බගවන්තලාව රෝහල විවෘත කිරිමට පියවර ගන්නා බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.