පොලිස් වෙඩිපහරකින් පුද්ගලයෙකුට තුවාල
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දැක්වූ ප්රතිවිරෝධය හේතුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
සිව් දෙනකුගෙන් යුත් කල්ලියක් පසුගිය මාස කිහිපය පුරා වැල්ලම්පිටිය පොලිස් වසමේ ස්ථාන රැසක දේපළ කොල්ලකෑම් රැසක් සිදුකර තිබූණි.
මේ පිළිබඳව ලද පැමිණිලි වලට අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන අතරතුරදී ඊට සම්බන්ධ එක් පුද්ගලයෙකු අද (04) දා දහවල් වැල්ලම්පිටිය වෙලේවත්ත ප්රදේශයේ සිය නිවසට පැමිණෙන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී දැක්වූ ප්රතිවිරෝධය හේතුවෙන් එය පාලනය කිරීමට මෙසේ වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් ඔහුගේ පාදයට තුවාල වී ඇතැයි පැවසේ .
ප්රතිකාර සඳහා රෝහල් ගත කළ තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලිසිය පවසයි.
වැල්ලම්පිටිය වෙලේවත්ත ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇතැයි පැවසේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

