ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු 12/18 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 04 කින් පැමිණ තිබූ අතර , මෙම කාළය තුළ ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 07 කින් ශ්‍රී ලාංකිකයන් 774 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි .
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 18 අලුතින් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreලිංගික අතවර සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකුට එකවර ඊට විරෝධය පළකර ,පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු (17) දා පැවසීය.
Read Moreමියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.
Read Moreඅධික වේගයෙන් රිය ධාවනය කරන, බීමත්ව රිය පදවන පුද්ගලයින්, මාර්ග සංඥා නොතකමින් රිය ධාවනය කරන අය හා විවිධ අංගෝපාංග සහිතව ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීම අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreබටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ බබතුන්ඩේ ඔලූකුරේ කියා සිටියේ ජාත්‍යන්තර කණ්ඩායම සහ ඔවුන් සංචාරය කරන ස්ථාන පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බවය.
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreස්වයං නිරෝධායනයට ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.
Read Moreසිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.
Read Moreඋප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාව කැරන් පෙන්ස්, මෙම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමටත්, ඇමෙරිකානු ජනතාව අතර එන්නත ලබාගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ ලබාගන්නා බව ධවල මන්දිරය කියයි.
Read More’’දත්ත අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ද ඇතුළත් වූ අතර එය සැබවින්ම වැදගත් වූවක්’’ හිල්ඩ්‍රෙත් පැවසීය. ’’වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පිළිබඳ දත්තද ඔවුන් සතුව තිබෙනවා.’’ FDA උපදේශක කමිටු සාමාජික වෛද්‍ය ජේම්ස් හිල්ඩ්‍රෙත් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreපරිභෝජනයට නුසුදුසු පැවතිය යුතු ආසනික් ප්‍රතිශතය ඉක්මවා අඩංගු ටින් මාලු බහාලුම් තොගයක් යළිත් චීනය වෙත ප්‍රතිඅපනයනය කර තිබේ.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.
Read Moreඅද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසෞභාග්‍යයේ දැක්මට අනුව යමින් දේශීය කර්මාන්තයන්ට මුල්තැන දීමේ අරමුණූ පෙරදැරිව, විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍යවන්නා වූ උපාංගයන් දේශීයව නිපදවිමේ හැකියාව පිළිබඳව සොයා බැලේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ.
Read Moreබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 12/17 දින ප්‍රකාශ කර සිටී.
Read Moreකොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457 ) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත භාර දෙන ලදී.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු 56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුලත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර මහත්මිය සදහන් කළාය.
Read Moreවැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඅලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (17) සඳහන් කරයි.
Read Moreජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කෙරේ.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන් අද 17 වනදා අලුතින් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreකොරෝනා ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේ දී නිවුන් දරුවන් සිව්දෙනකු අද 17 බිහි කළ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසුවාය
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රථමවරට සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.
Read Moreමහජන චීන සමූහාණ්ඩුව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පෙරේදා (15දා) චීනයට පැමිණ, 2020 දෙසැම්බර් 16 වැනි දින අන්තර්ජාලය ඔස්සේ රාජකාරි භාර ගත්තේය.
Read More