නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක (BBC NAPLES) ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා එය 2021-04-20 වන දින රාත්‍රි 9.00 ට පමණ අළුත්වැඩියාවක් කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත.
නමුත් මෙම නෞකාව අයත් සමාගමේ දේශීය නියෝජිතයා (Wilhelmsen Meridian Navigation Ltd.) විසින් මෙම නෞකාවේ විකිර්ණශීලි ද්‍රව්‍ය ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් දැනුවත් කොට නොමැත.
පසුව හාබර් මාස්ටර් විසින් විකිර්ණශීලි ද්‍රව්‍ය නෞකාවේ ඇති බව සොයා ගෙන ඒ බව මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දෙන ලදී. මෙම නෞකාවේ විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු භාජන 05ක් ඇති බව නියාමන සභාව විසින් සනාථ කරගන්නා ලදී. ඒ අනුව 2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ අංක 18 හා 48 වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් විෂයභාර අමාත්යදුමින්ද දිසානායාක මහතා ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුව 2021-04-21 වන දින පෙරවරුවේ මෙම නෞකාව වහාම හම්බන්තොට වරායෙන් පිටතට රැගෙන යන ලෙස ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් අදාළ නෞකාවේ දේශීය නියෝජිතයා (Wilhelmsen Meridian Navigation Ltd.) වෙත දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙම නෞකාව හම්බන්තොට වරායෙන් පෙරවරු 10.00 ට පමණ පිටත්ව ගොස් ඇත. ඒ බව හාබර් මාස්ටර් විසින් පරමාණුක බල ශක්ති නියාමන කොමිෂන් සභාව වෙත සනාථ කරන ලදී. 2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ අංක 18 හා 48 වගන්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාල නෞකාවේ දේශිය නියෝජිතයා වන (Wilhelmsen Meridian Navigation Ltd.) වෙත නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරාත්තු වේ.
නියාමන සභාවට ලද තොරතුරු අනුව ඉහත විකිර්ණශීලි ද්‍රව්‍ය වන URANIUM HEXAFLUORIDE න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන සදහා භාවිතා කරන විකිරණශීලි ද්‍රව්‍ය වන අතර ඒවා ජාත්‍යන්තර ප්‍රවාහන රෙගුලාසි අනුව ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබිණි.