නව වසර උදා වෙන්නේ අහියෝග සමගින් බවත් එම සියලු බාධක ජයගනිමින් රටක් ලෙස එකාවන්ව නැගී සිටීමේ අභියෝගය රටට ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබිණ.
Read Moreවිල්පත්තුව ජාතික උද්‍යාන මායිමේ පේරක කලාපය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව රාල්මඩුව කුඹුරු යායක මරණයට පත්වු පක්ෂීන්ට කුරුළු උණ වැලදි නැති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටේගොඩ මහතා පැවසිය.
Read Moreපසුගිය වසර තුළ චීන-ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් වූ බවත් ඉහළ පෙළේ චීන-ශ්‍රී ලංකා හුවමාරු පුළුල් ලෙස පැවති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතා පැවැසීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව කොටුකරගත් බව පොලිසිය පවසයි.
Read Moreකිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දෙවන වතාවටත් අද දිනයේත් (31දා) විවෘත කල බව කිලිනොච්චිය දිස්ත්‍රීක් වාරිමාර්ග නිලධාරී කාර්යාලය පැවසීය.
Read Moreමධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් 94 ක් වාර්තා වීමත් සමග අද 31 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1830 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයින් 118 දෙනෙක් (31) වන විට හමුවී ඇති අතර එක්අයෙකු මියගොස් ඇතැයි මොනරාගල අතිරේක දිසාපති චන්දනලොකුහේවගේ මහතා පැවසීය.
Read Moreතුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැවසීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 6 දෙනෙකු 30 දින පස්වරුවේ හඳුනාගත් බව දඹුල්ල නාගරික වෛද්‍ය ඒකකය කියයි.
Read Moreලංකාවේ එක් දිනක් තුළ වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන රාත්‍රිය දෙසැම්බර් 31 රාත්‍රිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreපොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටිනවා.
Read Moreමහව නගරයේ රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් එක් අයකුට පිහි ප්‍රහාරයක් එල්ල කල සැකකරුන් දෙදෙනෙකු මහව මුලස්ථාන පොලිසිය මගින් අද අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර, මේ නිසාම සමාජ මාධ්‍ය නියාමයනය සම්බන්ධ කාරණා පිළිබඳවද පසුගිය දිනවල රජයේ පාර්ශ්වයෙන් අදහස් ප්‍රකාශ විය. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය භාවිතයෙන් සමාජයේ යහපත සඳහා සිදුකෙරෙන කාර්යයන් රාශියක් ඇත.
Read More2020 වර්ෂය අවසන් වී 2021 වර්ෂයේ ආරම්භයට අපි පියමනිමින් සිටින්නෙමු. පසුගිය කාල වකවානුව දෙස ආපසු හැරී බැලුවහොත් සිදුවුණු පරිසර හානි පිළිබඳව කතා කර නිමක් දැකිය නොහැකි තරම්ය. අලුත් බලාපොරොත්තු රැගෙන, අලුත් වසරකට පියමනින මොහොතක අප නොවිසඳාගත් පරිසර ගැටලු රැසක්ද අප පසුපස පැමිණේ. මේ ඒ පිළිබඳව සටහනකි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේදී නීරෝගි දරු උපතක් සිදු කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙම එන්නත සඳහා තනි මාත්‍රාවක් අවශ්‍ය වන අතර එමගින්, වෛරසයේ ව්‍යාප්තිය හා පරිපාලනය පහසු වනු ඇති බවත්, එය එක්සත් ජනපදයයේ තරගය වෙනස් කරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පවසයි.
Read Moreමෙම පිපිරීම පිටුපස ඉරානයේ පිටුබලය ලබන හොයුතු කැරලිකරුවන් සිටින බව සෞදි අරාබිය චෝදනා කළත්, එම කණ්ඩායම මෙහි වගකීම භාරගෙන නැත.
Read Moreමේ සමග ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය ලබාදුන් පළමු වැනි රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත්තේ, මීට පෙර ෆයිසර් එන්නතටද අනුමැතිය ලබාදුන් පළමු රට බවට පත්වීමේ පසුබිම තුළය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 82,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreහිටපු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් ජනවාරි 6 වැනිදා දක්වා නැවතත් බන්ධනාගාරගත කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 282ක් හඳුනාගෙන තිබේ.
Read Moreමහර බන්ධනාගාරයේ සිදුවු නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ දේපල වලට අලාභ හානි කරමින් කටයුතු කළ රැදවියන් 128 දෙනෙකු තවදුරටත් රදවා තබා ගන්නා ලෙසට වත්තල මහේස්ත‍්‍රාත් බුද්ධික.සි.රාගල මහතා නියෝග කර ඇත.
Read Moreලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.
Read Moreදෙසැම්බර් 25 වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතු අලුත් අවුරුදු සුබ පැතුම් පත් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත එවනු ලැබීය. චීන අගමැති ලී කෙකියැන්ග් මහතාද 2021 වර්ෂය සඳහා වූ සිය සුබ පැතුම් පණිවිඩය ශ්‍රී ලාංකික අගමැතිවරයාට එවනු ලැබීය.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 354ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ තවත් සේවකයින් 05 දෙනෙකුට අද දින කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමත් සමගම එම ආයතනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read More