සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පහුගිය සෙනසුරාදා (05) පාර්ලිමේන්තුවේදී කීවේ ලබන වසර මුලදී සංචාරකයන්ට රට යලි විවෘත කිරීමටත්, ගුවන්තොටුපල විවෘත කිරීමටත් හැකිවනු ඇති බවයි. විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන්වීම ද අඛණ්ඩව සිදුවන බව ද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අද (6දා) අළුයම අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හෙට (07) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව තවත් 10 දෙනෙකු ආසාදිතයින් බව තහවුරුවී ඇති බවත් මේ අනුව එහි ආසාදිතයින් සංඛ්‍යාව 19 දෙනෙකු වන බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreබගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි පාසල් ගුරුවරියකුට, ඇයගේ සිව්මස් බිළිඳියට සහ පස් හැවිරිදි දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව අද (06දා) දින තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read More2015 වර්ෂයට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කළ 156ක පමණ කණ්ඩායමක් පසුගිය රජය විසින් ඉවත් කර තිබූ බවත් එම පිරිස යළිත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයට බඳවා ගත් බවත් වරාය අධිකාරිය නිවේදනය කරයි.
Read Moreවාහන නියාමනය පිළිබඳ නව ජාතික ප්‍රඥප්තියක් සකසන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගිය 04 වන දින පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
Read Moreහිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ටී.බී. ඒකනායක මහතා රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06දා) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
Read Moreකොවිඩ්-19 වසංගතයේ උග්‍ර අවධිය අවසන් කිරීම සඳහා 2021 පළමු වැනි කාර්තුවේදී ගෝලීය COVAX එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වෙයි.
Read Moreයාපනය දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර රෝහලේ වාට්ටු කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවට රෝහල් වෛද්‍ය වරුන් පවසති.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreරුසියාව සෙනසුරාදා නව කොවිඩ්-19 ආසාදිතයන් 28,782 ක් වාර්තා කළ අතර, එය වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයකි. එහිදී මොස්කව් නගරයෙන් පමණක් ආසාදන 7,993ක් වාර්තා විය.
Read Moreස්වීඩන මහ බැංකුව අනතුරු අඟවන්නේ, කොවිඩ් -19 වෛරසයට එරෙහිව ස්වීඩන ජාතිකයින්ට එන්නත් කිරීම ප්‍රමාද වුවහොත් එය ස්වීඩන ආර්ථිකයට විශාල වියදමක් වනු ඇති බවටය.
Read More’’ඔබ වෛරසය ආසාදනය වී සිටි අයෙකු ලෙස වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා තිබුණත්, ඒ මගින් ඔබට ආරක්ෂාවක් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අප දන්නේ නැහැ. ඒ නිසා එන්නත ලබාගත යුතුයි’’ වෛද්‍ය සංජය ගුප්තා.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 02 ක සහ ඕස්ට්‍රේලියාවේ , ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreජනපති ට්‍රම්ප්, ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අමතා, එරට ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන් ප්‍රාන්තයේ ලැබූ ජයග්‍රහණය අවලංගු කරන ලෙස ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට ඒත්තු ගැන්වීමට බලපෑම් කර ඇති බව අනාවරණය වෙයි.
Read Moreචීනයේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සඳ පෘෂ්ඨයේ සිට පාෂාණ සාම්පල රැගෙන ඉහළට එසවුණු ඇසෙන්ඩර් යානය සාර්ථක ලෙස සඳ කක්ෂයේ රැඳී සිටි ඕබිටර් යානය සමග සම්බන්ධ වී තිබේ.
Read Moreඑදින තවත් කොවිඩ්-19 ආසාදිත මරණ 2,607ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති අතරම, ආසාදිතයන් සංඛ්‍යාව සිව්වැනි වරටත් රට තුළ එක් දිනකදී ආසාදිතයන් 200,000ක් ඉක්මවා වාර්තා වීමද ඉතාම බැරෑරුම් තත්ත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 66,440,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට හිමි විය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 501 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රභූ ආරක්ෂකයින් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 652ක් අද (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තාවිමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක් සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට නිර්දේශකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝ/ග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි
Read Moreරාජ්‍ය අංශයේ හා දේශීය නිෂ්පාදකයන්ගේ ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසායකයින් සඳහා වෙළෙඳපොල අවස්ථා නිර්මාණය කෙරෙන Q-shop සංකල්පය රට පුරා ව්‍යාප්ත කරමින් තරුණ ව්‍යවසායකයින් අතරට වඩාත් ක්‍රමවත්ව ගෙන යාමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡාවක් අද (05) දින තරුණ හා ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ හා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු එම අමාත්‍යාංශවල නිළධාරීන්ගේද සහභාගීත්වයෙන් වෙළද අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කය තුල අද (05) දින කොරෝනා රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති අතර එය එක් දිනක් තුල වාර්තා වු වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාව බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read More