saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7444 hours ago

LATEST

බස් වර්ජනයක් කළොත් බලපත් නැති පෞද්ගලික බස්රථ ලංගමට බදු පදනමට ගනියි

calendar_today 2021 පෙබ 02 - 17:00 remove_red_eye - 477  

රජය සහන ලබා දී තිබියදීත් පෞද්ගලික බස් සංගම් ජනතාව අපහසුතාවට පත්කරමින් වැඩවර්ජනයකට යන්නේ නම් බලපත් නොමැති පෞද්ගලික බස් රථ ලංගමයට තාවකාලිකව බදු පදනම මත ලබා ගෙන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීමට රජයේ අවධානය යොමුවී ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ අනගිපුර අසෝක සේපාල මහතා 2021.01.29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් පහ කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කර තිබේ.

Read More

බදුල්ල මහ රෝහලේදී අද (2දා) කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබාගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවිය. විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියද සම්බන්ධ වී සිටියේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් චොදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනා පෙබරවාරි 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 අසාදිතයන්ගේ වැඩි වීමක් ඉකුත් සතිය තුළ ( ජනවාරි 28- පෙබරවාරි 02) පෙන්නුම් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාන්විතය පෙන්වා දෙයි .

Read More

රන්ජන් රාමනායක විසින් අභියාචනාධිකරණයට අද රීට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබේ.

Read More

දෙමළ ජාතිකත්වය තියන පක්ෂ සමඟ එකතු වී වැඩ කිරීමට තමාට අපහසුතාවක් නොමැති නමුත් ජනතාවාදී දේශපාලනය පමණක් තමන් විසින් දියත්කළ හැකි බවත්, ඒ සඳහා අනෙකුත් පක්ෂ තමා සමග එකග වේ ද යන්න තමන් තුළ සැකයක් ඇති බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේ පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි ප්‍රකාශ කරයි.

Read More

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ජපානය එක්ව රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර වසර 35කින් ආපසු භාර දීමේ පදනම මත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සැක කෙරෙන ’කිඹුලා ඇළේ ගුණා’ ඉන්දියාවේ චෙන්නායි නුවරදී චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේදී කොළඹදී පැවැත්වීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කල්පිටිය නිර්මල මාතා මහ විදුහලේ ගුරු භවතෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තාවීම හේතුවෙන් එම විදුහල පෙබරවාරි 8 දින දක්වා තාවකාලිකව වසා දමා ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

Read More

උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ලබාදෙන ණය සීමාව රු 100000ක් දක්වාත්, පොලී අනුපාතය සියයට 9 සිට සියයට 6ක් දක්වාත් අඩු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානය සඳහා සහභාගී වෙමිනි.

Read More

හිනිදුම පොලිස්බල ප්‍රදේශය තුල කරණු ලැබු විශේෂ මෙහෙයුමකදි නිරෝධායන නිතිරිති උල්ලංඝණය කරමින් ත්‍රිරෝද රථ 02ක ගමන්ගත් පුද්ගලයින් 08 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.

Read More

ගාල්ලේ අම්බලන්ගොඩ පදිංචි වෛද්‍යවරුන් දෙපළකට, ඔවුන්ගේ දරුවන් තිදෙනාට සහ වෛද්‍යවරියගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරන මෙම දරුවන් පසුගිය දිනවල පාසැල් ගොස් ඇති බැවින් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක් සහ ගුරු මණ්ඩලයේ කිහිප දෙනකු ද නිරෝධායනය කිරීමට යොමු කර තිබේ.

Read More

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවි ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

Read More

මත්ස්‍ය ගහනය වැඩිකිරිම සඳහා අබලන් වූ බහුදින ධීවර යාත්‍රා හා අබලන් බස්රථ මුහුදු පතුලේ තැන්පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ගාල්ල වරාය ආශ්‍රිතව ලබන මාසයේ දි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරිම ධීවර වරාය සංවර්ධන බහුදින ධිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළින් තවදුරටත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන හා පෞද්ගලික වෑන් රථ පිළිබඳව නිරෝධායන පරික්ෂා කිරීම් ඒ ආකාරයෙන්ම අද දිනයේදීත් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

පුත්තලම රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි බැංකු කාර්ය මංඩලයේ තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට අද දින සනාථ වු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ චීනයේ විශේෂඥයන් සඳුදා රෝග පාලනය හා වැළැක්වීමේ වූහාන් මධ්‍යස්ථානයට මෙන්ම හුබෙයි පළාත් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙතද පැමිණ තිබේ.

Read More

ජාතික හදිසි අවස්ථාවලදී පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දී ඇති බව පැවසූ හමුදාව, රාජ්‍ය බලය ආරක්ෂක සේවා අණදෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇති අතර, පළමු උප සභාපති යූ මයින්ට් ස්වී දැන් වැඩබලන ජනාධිපති ලෙස සේවය කරන බවද කීය.

Read More

අවුරුදු 12කුත් මාස 05ක් වියැති තම බාලවයස්කාර දියණිය දුෂණය කිරිම සම්බන්දයෙන් සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.

Read More

බීමත්ව ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අහංගම නගරයේ දී ඊයේ (01දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත්බව අහංගම පොලීසිය පවසයි.

Read More

හිටපු ගුවන් නියමුවෙකු සහ බල්ගේරියානු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා වූ රදෙව්, තමා බලයට පත්වූ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී තමන් දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය.

Read More

චිලී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පෝලා ඩසා මාධ්‍ය හමුවකදී කියා සිටියේ සීනොවැක් හි කොරෝනාවැක් එන්නත් තොග දෙකක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවායින් පෙබරවාරි මාසයේදී මිලියන හතරක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අවස්ථාව ලැබෙන බවත්ය.

Read More

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් මෙය ඉදිරි පියවරක් ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මුළු මාත්‍රාවලින් මිලියන 40ක් මේ වනවිට පොරොන්දු වී ඇති බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.