saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7416 hours ago

LATEST

මාස 18ක දරුවෙක් කොවිඩ් නිසා මියයයි

calendar_today 2021 පෙබ 02 - 23:04 remove_red_eye - 985  

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18ක පිරිමි දරුවෙක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබේ. මෙම මරණය අද වාර්තා වූ කොවිඩ් මරණ 7 තුළ ඇතුළත් වෙයි.

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

සුඛෝපභෝගී මෝටර් රථයකින්ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් හා මුදල් සමඟ ’’රාජගිරියේ කට් රොෂාන් ’’ සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්න් මාත්‍රා ලක්ෂ 5න් අද දිනය අවසන් විට එන්නත් මාත්‍රා 118767ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 354 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විශේෂ කාර්ය බළකාය අද දිනයේ වැලිකඩ, රාජගිරියේදී සිදුකරන ලද පරීක්ෂාවකදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස් පන්සීය ඉක්මවීම අද දින (02) දින වාර්තා වූහ.

Read More

කොරෝනා මර්දන එන්නත ලබාගත් බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවක් අසාත්මික තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පිලියන්දල දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 968 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ති​බේ. ඒ අනුව මේ වනවිට ඒ මහතාව ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය කොවිඩි ආසාදිත වෛද්‍යවරයාගේ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අද (02දා) පස්වරුවේ දි සිදුකෙරිණි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (02දා) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12,278 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12,278 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

රජය සහන ලබා දී තිබියදීත් පෞද්ගලික බස් සංගම් ජනතාව අපහසුතාවට පත්කරමින් වැඩවර්ජනයකට යන්නේ නම් බලපත් නොමැති පෞද්ගලික බස් රථ ලංගමයට තාවකාලිකව බදු පදනම මත ලබා ගෙන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීමට රජයේ අවධානය යොමුවී ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ අනගිපුර අසෝක සේපාල මහතා 2021.01.29 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් පහ කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කර තිබේ.

Read More

බදුල්ල මහ රෝහලේදී අද (2දා) කොවිඩ් 19 ප්‍රතිශක්ති එන්නත ලබාගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 25 දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) අද (02) විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන හමුවිය. විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම හමුවට කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියද සම්බන්ධ වී සිටියේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් චොදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනා පෙබරවාරි 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 අසාදිතයන්ගේ වැඩි වීමක් ඉකුත් සතිය තුළ ( ජනවාරි 28- පෙබරවාරි 02) පෙන්නුම් කර ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාන්විතය පෙන්වා දෙයි .

Read More

රන්ජන් රාමනායක විසින් අභියාචනාධිකරණයට අද රීට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබේ.

Read More

දෙමළ ජාතිකත්වය තියන පක්ෂ සමඟ එකතු වී වැඩ කිරීමට තමාට අපහසුතාවක් නොමැති නමුත් ජනතාවාදී දේශපාලනය පමණක් තමන් විසින් දියත්කළ හැකි බවත්, ඒ සඳහා අනෙකුත් පක්ෂ තමා සමග එකග වේ ද යන්න තමන් තුළ සැකයක් ඇති බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේ පැවති සමාජ ක්‍රියාකාරි හමුවකදි ප්‍රකාශ කරයි.

Read More

කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ජපානය එක්ව රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර වසර 35කින් ආපසු භාර දීමේ පදනම මත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව සැක කෙරෙන ’කිඹුලා ඇළේ ගුණා’ ඉන්දියාවේ චෙන්නායි නුවරදී චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව 2022 වසරේදී කොළඹදී පැවැත්වීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කල්පිටිය නිර්මල මාතා මහ විදුහලේ ගුරු භවතෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තාවීම හේතුවෙන් එම විදුහල පෙබරවාරි 8 දින දක්වා තාවකාලිකව වසා දමා ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.

Read More

උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ලබාදෙන ණය සීමාව රු 100000ක් දක්වාත්, පොලී අනුපාතය සියයට 9 සිට සියයට 6ක් දක්වාත් අඩු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

මුද්‍රණය සඳහා සකස්කොට තිබුණ ද වසර 05ක් තිස්සේ බාලගිරි දෝෂයට හසුව තිබූ ‘සාරධර්ම පොත’ කඩිනමින් මුද්‍රණයකොට පාසල් සිසුන් වෙත බෙදා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගිය දා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති ආගමික උපදේශක මණ්ඩල පත්වීම් ලිපි ප්‍රදානය සඳහා සහභාගී වෙමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.