සෞඛ්‍ය උපදෙස් නොතකා නුවරඑළියට විශාල ජනතාවක්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.
නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව (24) දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටියහ.
නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.
නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.




popular news
-
M . Yasas Silva Saturday, 24 April 2021 10:20 PM
Tomorrow (2021/04/25) ශ්‍රී පාදය දැන් පුළුවන් ද කියල කරුණාකරලා වහා පිළිතුරු මට දෙන්න
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

