saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 7877 hours ago

LATEST

ඉන්දියාවට සහාය ලබාදීමට නිරන්තර සූදානමින් - චීනය

calendar_today 2021 අප්‍රේ 27 - 07:45 remove_red_eye - 511  

කොවිඩ්-19 වසංගතය ගෝලීය අභියෝගයක් බවත්, සියලු රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, කොවිඩ්-19 එන්නත් බෙදා හැරීම සඳහා ඵලදායී සන්නිවේදනයක් ඇති කරගත යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.

’’ඉන්දියාවේ ජාතික සාමාන්‍ය ධනාත්මකතා අනුපාතය 15%ක් පමණ වෙනවා. දිල්ලිය වැනි සමහර නගරවල එය 30%ක් හෝ ඊටත් වැඩියි. ඉන් කියැවෙන්නේ පරීක්ෂා කිරීමේ හැකියාව ප්‍රමාණවත් නොවන නිසා ආසාදිත හා හඳුනා නොගත් බොහෝ දෙනෙක් සිටින බවයි. සැබෑ ලෙසම ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ දැයි දැනගන්න තව කාලයක් යාවි.’’ WHO ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් කියයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව පසුගිය 24 දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බද්යුදීන් මහතා හා ඔහුගේ සොයොයුරු රියාජ් බද්යුදීන් මහතා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

Read More

ඔහු බොහෝ අවස්ථාවල මුඛ ආවරණයක් පැලඳ සිටියත්, කතා කිරීමේදී සිය මුඛ ආවරණය පහළට ඇද කතා කරන දසුන් ඉන්දීය මාධ්‍යවල වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ, සෞඛ්‍ය ලේකම්වරයා වුවත් නියමිත සෞඛ්‍ය පුරුදු පිළිබඳ තැකීමක් නොකරන්නෙකු බව ප්‍රකට කරමිනි.

Read More

ඉන්දියාව අඛණ්ඩව පස් වැනි දිනටත් දෛනික කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ වාර්තාගත වර්ධනයක් ගෙවීගිය දිනයේ පැය 24 තුළ වාර්තා කර ඇති අතර, මරණ සංඛ්‍යාවද සර්වකාලීන ඉහළම අගයට පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 147,522,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් වගා අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති බැවින් හා මෙවර සුවිශාල අස්වැන්නක් අපේක්ෂා කරන බැවින් මෙසේ ආනයනික අර්තාපල් සඳහා බදු වැඩි කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 647ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ එම තරගාවලියට එක්ව සිටි ළහිරු කුමාර හා ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙනි. චාමික හා ලක්ෂාන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අද දිනයේදී කණ්ඩායම සමගින් එක්වූ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

Read More

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු අද (26දා) හමුවීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ තවත් 60 දෙනෙක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රත්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා පවසයි.

Read More

වත්මන් ’කෝවිඩ්-19’ වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන අසල්වැසි ඉන්දියාවට පිළිසරණක් වෙමින් ඇමෙරිකානු ඩොලර් 50,000ක (ආසන්න වශයෙන් රු.ලක්‍ෂ 97ක්) මුදල් ප්‍රදානයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කටයුතු කළේය.

Read More

අප්‍රෙල් 30 සිකුරාදා දක්වා බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් (පෙරපාසල් හා පිරිවෙන්ද ඇතුළත්ව) වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් අද (26දා) දහවල් වන විට කොවිඩ් 19 ආසාදිත රෝගීන් පනස් දෙදෙනෙකු අලුතෙන් හමුවූ බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අද (26දා) කොවිඩ් ආසාධිතයින් 13ක් වාර්තා වී ඇති බව නාඋල පොලිසියේ කෝවිඩ් පාලන ඒකකය කියයි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (25දා) රාතී 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 4ක් තුළ සිදුකළ මෙහෙයුමකදී බිමත්ව රිය පැදවූ පුද්ගලයන් 558ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ 892ක් අද (26) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 25ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (25) පෙරවරු 6.00 වන විට 5367ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බක්පුර පසළොස්වක පොහොය යෙදුන අද (26දා) දහවල් වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන්, රුවන්වැලි සෑ රදුන් ඇතුළු අටමස්ථාන පූජා භූමිය පාළුවට ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.

Read More

අලුත්ගම ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේදී සහ ධීවර වරාය භූමියේ සිදුකළ පි.සි.අර්. සහ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණවලින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් හත් දෙනෙකු වාර්තාවීමත් සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බලප්‍රදේශයේ අද (26) දිනට කොරොනා අසාදිත පුද්ගලයන් 62 දෙනකු තෙවන කොරෝනා වෛරස යෙන් වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (26) පැවසීය .

Read More

පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ට ඇතුළු නිලධාරින් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි.

Read More

කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර ලබාදීම පිණිස ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇදන් 511 න් ඇදන් 475 ක් අද (26) උදෑසන වනවිට රෝගීන්ගෙන් පිරී පැවති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

සේවකයකුට කොවිඩ් 19 වෛයිරසය වැළදිම හේතුවෙන් බත්තරමුල්ල,කොස්වත්ත හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අප්‍රෙල් 27 හා 28 දෙදින වසා ඇති බව නිවේදනය කෙරේ.

Read More

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව ඊයේ දින සිදු කළ අපරාධ මර්දන සහ රථ වාහන මෙහෙයුමක දී කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.