saravita-anim2

2025 ජුලි මස 14 වන සඳුදා

2025 ජුලි මස 14 වන සඳුදා

Latest News - timelapse 7241 hours ago

LATEST

කොවිඩ් ආසාදිතව පැනගිය පුද්ගලයා සොයා ගනියි

calendar_today 2020 දෙසැ 28 - 09:48 remove_red_eye - 314  

කොවිඩ් ආසාදිතව සපුගස්කන්ද ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු තවත් ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් 18 දෙනෙකු සහ එම සේවිකාවන්ගේ ළගම ආශ්‍රිතයන් 13 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාමදේවන් මහතා පැවසිය.

Read More

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ගැන බොහෝ ප්‍රවෘත්ති මැවෙමින් තිබුණද, වෛරසයක් සෑමවිටම විකෘති වීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නව වෛරස ප්‍රභේදයෙන් මිනිසුන් දැඩිව රෝගාතුර වීමක් මෙතෙක් නොපෙන්වන බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.

Read More

රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරමින් ජනගහනය මත දැඩි නීති පැනවීම අගමැති බබීක් ප්‍රතික්ෂේප කළේය. නමුත් මෙම තීරණය සමහර අවස්ථාවල විශේෂඥ මතයට පටහැනි වූ අතර, වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වීමට හේතු විය. අවසානයේදී දැඩි සීමා පැනවීමට සිදුවිය. වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් තමා සහ රජය වැරදි කර ඇති බව පිළිගත් බබීක්, නීති රීති අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ’’අද ඉතාලිය අවදි වන දිනයක්. එය එන්නත් දිනයයි. මේ දිනය අප සමග සදහටම පවතිනු ඇති.’’ යනුවෙනි.

Read More

තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා අතිරේක පරීක්ෂණ සහ සමීප සම්බන්ධතා පසු විපරම් කිරීම සිදුකරන බව නෝර්වීජියානු මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලයින් වෝල්ඩ් පැවසීය.

Read More

පුද්ගලයෙකුගේ අත්පා වෙන් වෙන වන ආකරයට තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් පොලීසිය සිදු කළ බලය භාවිත කිරීමකදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තහවුරු කරන ලද සිද්ධි දෙක කැනඩාවේ වඩාත්ම ජනාකීර්ණ පළාත වන ඔන්ටාරියෝ හි ඩර්හැම් කලාපයේ යුවළකි. මෙම යුවළ දන්නා සංචාරක ඉතිහාසයක්, නිරාවරණයක් හෝ අධි අවදානම් සම්බන්ධතා නොමැති අය වීමද විශේෂත්වයකි.

Read More

’’ඉතිහාසය අපට පවසන්නේ මෙය අවසාන වසංගතය නොවන බවයි. වසංගත යනු ජීවිතයේ සත්‍යයක්’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවසීය.

Read More

එක්සත් ජනපදය දැන් ලෝකයේ කොවිඩ්-19 ආසාදනවලින් 23.60%ක් හෝ මරණවලින් 18.87%ක් වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි සායනික පරීක්ෂණවලදී 91.25%ක ඵලදායී වූ චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම නිපදවූ කොරෝනාවැක් එන්නතෙහි පළමු කාණ්ඩය තුර්කිය වෙත ලැබීමට නියමිතයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 80,725,000ක සීමාවේ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සදහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය හෙට දින පස්වරුවේ යූක්‍රේනයේ සිට ගුවන් මගීන් 200 කට අධික පිරිසක් රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී ප්‍රකාශ කළේය .

Read More

සංගා දශකයේ ටෙස්ට් කණ්ඩායමටත් මාලිංග දශකයේ විස්සයි20 හා එක්දින කණ්ඩායම්වලටත් නම්ව තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 72කදී කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කරගෙන තිබේ.

Read More

පිටකෝට්ටේ, රාගම, වව්නියාව හා කඩවත පදිංචි පිරිමි පුද්ගලයෙකු හා කාන්තවත් තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 668ක් වාර්තා වීමත් සමගිනි. ඒ අනුව එම පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන් ගණන 37360ක් දක්වා වාර්තා වී තිබේ.

Read More

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය ඔක්තෝබර් 28 දින සිට දෙසැම්බර් 26 දින වන විට ගතවූ මාස දෙකක කාලය තුළ කොරෝනා ආසාදිත වූවන් 445 දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (27) පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 462ක් අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට එන්න අවස්ථාව සලසලා දෙන්න. සංචාරක ව්‍යාපාරය සදහා ගුවන් තොටුපොළ විවෘත කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. සංචාරකයින් ලංකාවට එන්න පැය 72 කට කලින් පීසීආර් එක කරනවා. සංචාරකයා ලංකාවට ආවට පස්සේ පීසීආර් එකක් කරනවා. සංචාරකයා දවස් 7 ක් විතර ඉදලා එලියට යනකොට නැවත පීසීආර් එකක් කරනවා.

Read More

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ එම බස් රථයේ දින කිහිපයක් පුරා ගාල්ල සහ කොළඹ දක්වා ගමන් කළ මගීන් මේ හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 650ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

Read More

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුරෙන් කරන ලද පී.සී.ආර්/ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.

Read More

ගාලු කොටුවේ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් හෙට (28) ආරම්භ කිරිමට නියමිතව තිබු වෘත්තිය ක්‍රියමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා අද දහවල් (27) ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.