අකුරණ නගරයට ගංවතුර ඇතිකරන පිඟා ඔයේ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඩෝසර් කර හෝ ඉවත් කරන ලෙසත් එසේ නොමැති නම් අකුරණ ජනතාවට ගංවතුර සමඟ ජීවත් වන ලෙසත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
ලාල් කාන්ත මහතා ඒ බව අවධාරණය කර සිටියේ අද (29) මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අකුරණ නගරයේ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අකුරන ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.එම්. ඉෆ්තිහාර් මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේදීය.
එහිදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසා සිටියේ එම ගැටළුව විසඳීම සඳහා කමිටුවක් පත්කොට ඇතිි බවත් ඒ සඳහා ප්‍රදේශයේ ජනතාවගේ සහාය අවශ්‍ය කරන බවත්ය.
එම අවස්ථාවේදී දිස්ත්‍රික්කය කියන්න වෙන එක මාර සම්බන්ධ කරන කමිටුවේ නිලධාරීන් පවසා සිටියේ කමිටු පත් කරමින් දිගින් දිගටම ගංවතුර ප්රශ්නය විසඳීම පමා නොකර පසුගිය දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ගත් තීරණ ක්‍රියාත්මක කරන ලෙසයි.
එහිදී සභාපතිවරයා පවසා සිටියේ ප්රශ්නය විසඳීම සඳහා මහජන සහය නොගෙන අනවසර ඉදිකිරීම් ඩෝසර් කළ නොහැකි බවයි.
එම අවස්ථාවේදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා සිටියේ පිඟා ඔය ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඩෝසර් කර හෝ ඉවත් කරන ලෙසත් එසේ නොමැති නම් අකුරණ ජනතාවට ගංවතුර සමඟ ජීවත් වන ලෙසත්ය.