saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7333 hours ago

LATEST

දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

calendar_today 2021 පෙබ 21 - 14:34 remove_red_eye - 284  

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු අංක 07 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු ‘ව්‍යවසායකත්ව සංස්කෘතියක්‘ ගොඩනැගීමට කැප වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

Read More

කළුතර අධිකරණ සංකීර්ණය භූමිය තුළදී පොලිස් නිලධාරීන් සමඟ කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි .

Read More

කුරුවිට බන්ධනාගාරයේ සිර දඩුවම් විදින පුද්ගලයකු මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ බෙදාහැරිමේ කටයුතු සිදුකරන පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 30 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී (20 ) රාත්‍රී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් බව පානදුර පොලිස් අධිකාරී උදය අමරතුංග මහතා පැවසීය

Read More

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගිනි අවි ලබා දීම විසඳුමක් නොවන බවත් නව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව නිසි අධ්‍යයනයක් අදාළ විෂයභාර ආයතන විසින් සිදු කළ යුතුව ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා කොමිසන් සභාව පිළිබදව සොයා බැලීමට තවත් කමිටුවක් පත් නොකල යුත්තක් බවත් ඒ පිළිබදව තමා කණගාටුවට පත් වෙන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (20 ) කරන්දෙණියේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය.

Read More

පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ඒ කේ පීරිස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් අනුව මෙම සිදු කළ බව පොලිසිය කියයි

Read More

ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉකුත් 19 හා 20 දෙදින කොවිඩ් මර්දන එන්නත් (ඇස්ට්‍රා සෙනිකා) 5296 ක් ලබා දී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් පාරසරික හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ පාලිත සම්පත් මහතා පැවසීය.

Read More

කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේ පැය 10 හමාරක කාලයක් කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

’’අද අපි අපේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ආරම්භ කරන්නේ, අපේ දේශසීමා ශ්‍රම බලකායට එන්නත් ලබාදීමෙනුයි. එය ඕකලන්ඩ් හි සියල්ලන් ආරක්ෂා කිරීමේ තීරණාත්මක පියවරක්’’ යැයි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ඕක්ලන්ඩ් හි වාර්තාකරුවන්ට පැවසුවේය.

Read More

කොවිවැක් ලෙස නම් කර ඇති මෙම එන්නත් තොගයේ 120,000ක පළමු මාත්‍රා තොගය මාර්තු මාසයේදී ලබාදීම සඳහා මුදාහරින බව කියයි.

Read More

ලොව පුරා දැනට ලබාදී ඇති එන්නත් මාත්‍රාවන්ගෙන් 45%ක් පමණ G7 රටවල් හෙවත් ලොව සංවර්ධිත රාජ්‍යයන්හි වෙසෙන ජනතාවට ලබාදී ඇති බවද පැවසෙයි.

Read More

චීන ඖෂධ සමාගම් වන සීනොවැක් බයෝටෙක් සහ කැන්සිනෝ ජෛව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් සඳහා හදිසි අනුමැතිය පසුගිය සතියේ මෙක්සිකානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

Read More

විශේෂයෙන්ම රෝවර් යානය ගොබෑමට සම්බන්ධ වූ ජෙට්පැක් ආශ්‍රිත කැමරාව නිසා රෝවරයට ඔබ්බෙන් සිට පවා ඡායාරූප ගැනීමට හැකිවී තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර හිංසා , පීඩා වලට ලක් වී, යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

නව කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීම, ගෝලීය සහයෝගීතාවයෙන් දැඩි ලෙස පැවැත්විය යුතු විද්‍යාත්මක ප්‍රශ්නයක් බව චීනය සැමවිටම විශ්වාස කරන බව අවධාරණය කරයි.

Read More

මාර්තු මාසය වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4ක් දක්වා කොවිඩ්-19 එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,460,000ක සීමාවට පැමිණ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙම වෛරසය ආසාදනවය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 435ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 75000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 528ක් වාර්තාවීමත් සමගිනි.

Read More

අද (20) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 257ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

දරුවන්ගේ අදහස් උදහස්වල නම්‍යශීලීබව ඇතිවන්නේ ළමාකාලයේ දී බවත්, ජීවිතයේ අභියෝගවලට මුහුණදීමට ශක්තිමත් අඩිතාලමක් සකස් කරමින් එම යහ ගුණ වර්ධනය කරන්නටත්, දරුවන් තුළ සාමූහික හැඟීම, සහකම්පනය සහ සංහිඳියාව ඇතිකරන්නටත් බාල දක්ෂ ව්‍යාපාරයෙන් විශාල කාර්යභාරයක් සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කරයි.

Read More

සහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්ති සඳහා සහභාගි වූ තරුණියක් TID අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබු ජීප් රථය (20 ) දින උදෑසන පෙරළි යාමෙන් ඇමතිවරයා ඇතුළු සිවු දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පල්ලම පොලිසිය පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා උපාය මාර්ගික සැලැස්මක් දියත් කරන බවත්, ඒ සඳහා එහි සාමාජික රටවලින් ඩොලර් බිලියන 1.96ක් අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.