ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතටහුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හෙට (08දා) උදෑසන 5.00 සිට හුදෙකලා කිරීමෙන් ඉවත් කරන බව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
Read Moreමේ අනුව ඉදිරි සතියේදී දුම්රිය ධාවනය අවලංගු වීම්, ප්‍රමාද වීම්, අඩාල වීම් සිදුවිය හැකි බව පෙන්වා දුන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට නොව රජයට බැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
Read Moreනීති විරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කොට,කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සගවා තබා තිබිය දී, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රවය ඒකකය මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක්,අද (7දා) දින කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා මුලුමණින්ම විනාශ කළේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (07දා) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 208ක් වාර්තා වීමත් සමග එම දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,072 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
Read Moreඌව පරණගම රතඹ මුස්ලිම් විදුහලේ සිසුන් සිවු දෙනෙක් හා බදුල්ල ධර්මදූත විදුහලේ 7 වන ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කොවිඩ් 19 අසාධිතයන් බව (7) දා ලැබුණ පී.සී.ආර් වාර්තාවලින් අනාවරණය වී තිබේ.
Read Moreඋතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂ කාර්යභාරයක් කළ යුතුව පවතින බවත්, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂනිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
Read Moreබස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅයවැයෙන් වැඩි කරන ලද රුපියල් 1000 සේ වතු කම්කරු වැටුප මේ මාසයේ (පෙබරවාරි) නොදෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට පැමිණීමට සිය සංගමය තීරණය කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අද (6 ) උදේ ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
Read Moreවත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.
Read Moreඅගලවත්ත බෙල්ලන මහා විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය
Read Moreගම්පහ පොදු වෙළඳ පොලෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු හමුවීම මත ඊයේ (6) සවස එම වෙළඳ පොල සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.
Read Moreපොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය තොගයක් සමග (06) දා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreදකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 48 දෙනෙකු ඊයේ (06) දිනය තුල වාර්තාවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 3060 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමරමහගමගේ මහතා පවසයි.
Read Moreබගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන බගවන්තලාව චැපල්ටන් වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත්, ඉන් එක් අසාදිතයෙකු පසුගිය දා නිරෝධායන මධ්‍යස්ථානයකදි ජිවිතක්ෂයට පත් වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreපූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හේනේගම ප්‍රදේශයේදී බඹරු දෂ්ඨ කිරීම හේතුවෙන් 66 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් ඊයේ දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 726ක් වාර්තා වී ඇති අතර එයින් පුද්ගලයන් 197ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වෙයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි මෙරටට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 306 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඩුබායි සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ආසන්න සතිවලදී නගර සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණද, ඒ සමගම වෛරසයද නගරය තුළ පැතිර ගොස් ඇත්තේ නොවැම්බර් මාසයේ සිට ආසාදිතයන්ගේ සිව් ගුණයක ඉහළ යෑමක් පෙන්වමිනි.
Read Moreඅද (07දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුල මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගුවන් පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටයුතු කර තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreමඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී ඊයේ (6දා) රාත්‍රී පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.
Read Moreපහරදීමක් සම්බන්ධයෙන් බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි
Read Moreචීනයට අයත් වාණිජ වශයෙන් මහජන භාවිතය සඳහා අනුමත කරන ලද දෙවැනි කොවිඩ්-19 එන්නත මෙය වන අතර, මීට පෙර පසුගිය දෙසැම්බරයේදී චීනයේ සීනොෆාම් එන්නත සඳහා මෙවැනිම අවසරයක් ලැබුණි.
Read Moreහමුදා භටයන් දහසකට වැඩි පිරිසකගේ පළමු කණ්ඩායම ඉදිරි දින 10 තුළ කැලිෆෝනියාවේ විවෘත කරන එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණ, පෙබරවාරි 15දා වනවිට මෙහෙයුම් ආරම්භ කරන බව ධවල මන්දිරයේ කොරෝනා ප්‍රතිචාර කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇන්ඩි ස්ලාවිට් පවසයි.
Read Moreඑරට ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්රණයත් සමග සුකී ඇතුළු මියන්මාර රජයේ ප්‍රබල ක්රියාකාරිකයන් පිරිසක් හමුදා පාලනය විසින් රඳවාගෙන සිටියි.
Read Moreපසුගිය වසරේ එරට ආර්ථිකය 11% කින් හැකිලී ඇති අතර, එය දශක තුනකට ආසන්න කාලයක් තුළ එහි නරකම පරිහානිය බවද කියයි. කියුබානුවන් මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ දී සිටියි.
Read Moreචීනය විසින් ඊජිප්තුවට කොවිඩ්-19 එන්නත මාත්‍රා 300,000ක් ලබා දෙන බව ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreවිරෝධතා සඳහා ජනතාව බලමුලු ගැන්වීම නැවැත්වීම සඳහා හමුදාව ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසීම අවහිර කිරීමෙන් පැය කිහිපයකට පසු අන්තර්ජාලය වසා දැමූ අතර, ඊට දිනකට පෙර ෆේස්බුක් තහනම් කර තිබුණි.
Read Moreඉන්දුනීසියාව සිය වැඩිහිටි ජනගහනය සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් හි නිෂ්පාදිත කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත අනුමත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read More