හාලිඇල පොලීසියේ 12දෙනෙකුට කොවිඩ්
හාලිඇල පොලිසියේ කෝවිඩ් ආසාදනය වූ පොලිස් නිලධාරීන් 12දෙනෙකු ඊයේ (31) බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකක වලට ඇතුළත් කර පොලිස් නිලධාරීන් 18දෙනෙකු නිරෝධනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ පවසයි .
මෙසේ කෝවිඩ් ආසාදනය වූ පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් පස්දෙනෙකු , පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනෙකු ,පොලිස් කොස්තාපල් රියදුරෙකු සහ කාන්තාපොලිස් කොස්තාපල්වරියක සිටින බවද එම ආරංචි මාර්ග කීය .
හාලිඇල පොලිසියට අනියුක්තව සේවය කරන කැටවල ලන්දේවෙල , බදුල්ල අලුත්වෙලගම , ස්ප්‍රීංවැලි , කෝට්ටගොඩ පල්ලේගම , බදුල්ල පුවක්ගොඩමුල්ල ,ප්‍රදේශ වල පදිංචි පොලිස් සැරයන්වරුන් , කන්දේගෙදර සාර්නියා වත්ත, ගලඋඩ බෙරහමඩ, බදුල්ල කලුගල්පිටිය , හාලිඇල උදේන්ගම, බෙරහමඩ , බෝගහමඩිත්ත ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරුන් , සහ ඇටම්පිටිය නෙලුදණ්ඩප්රදේශයේ කාන්තාපොලිස් කොස්තාපල්වරියකමෙසේ කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවත් , ඔවුන්ගේ පළමු ආශ්රීතයන් ලෙස හදුනාගත් පොලිස් නිලධාරීන් 18දෙනෙකු දැනට සිය නිවෙස් වල නිරෝධනයට ලක් කර සිටින බවත් සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසූහ .
මොවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කර එම වාර්තා අනුව ඉදිරිකටයුතු සිදු කරන බවද එම නිලධාරීන් වැඩිදුරටත් සදහන් කළහ.
ඇල්ල ප්‍රසාද් රුක්මල්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

