තවත් කොවිඩ් රෝගීන් 740ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 64,000 ඉක්මවා ගොස් තිබේ.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreදෙමළ පක්ෂ එක් වී දියත් කරන පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා යන පා ගමන මගින් දෙමළ ජනයාට කිසිම වාසියක් නොලැබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.
Read Moreගම්පහ දාරලුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන ශ්‍රී ලංකාවේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙන ශාකයක් වන ක්‍රොඩියා සෙයිලනිකා වෘක්ෂය සම්බන්ධව මෙම දිනවල පළ වී ඇති පුවත් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බවත් කිසිදු පුද්ගලයෙකුට එම ගස කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බවත් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය
Read Moreරිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග 08 දින දවල් වන විට වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 553ක් බවත් එම රෝගීන් සියලුම දෙනා රෝග ප්‍රතිකාර ඒකක වෙත යොමුකර ඇති බවත් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා ජේ.සී.එම් තෙන්නකෝන් මහත්මිය පැවසීය.
Read Moreජා-ඇල ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරීවරයා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයන් බව අද අනාවරණය වීම හේතුවෙන් ප්‍රාදේශීය සභා කාර්යාල කටයුතු අඩපණ විය හැකි බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreහෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreබලශක්ති ක්ෂෙත්‍රයේ රැකියාවේ නිරත වූවන් වෙනුවෙන් ප්‍රමුඛතා පදනම අනුව කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඉල්ලීමක් කර තිබේ.
Read Moreහැටන් පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදිම අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි (08) දින සිදු කෙරිණ.
Read Moreලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ මුතුන්මිත්තන් හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. එනිසාම සූර්යයාට කෘතගුණ සලකන්නට ඔවුන් පුරුදුව සිටි අතර, සූර්ය ශක්තිය මගින් බොහෝ දෑ කළ හැකි බවටත් ඔවුන් තුළ විශ්වාසය පැවතුණි. සූර්යය වන්දනාව සිදු කරමින් මිනිසාට ළඟා කරගත හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වුණෙමු.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුහුණු ආවරණ නොපැළඳි හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයන් 19ක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreබගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් 19 වෛරසය අසාදනය වූ 78 හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (07දා) අලුයම මිය ගොස් තිබේ.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් තිදෙනෙකුට (07) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සෞඛ්‍ය අංශ පැවසිය.
Read Moreසබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.
Read Moreඔවුන්ගේ කෝපය උත්සන්න වී ඇත්තේ එන්නත් කරන ලද අයට වඩාත් නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන ’කොරෝනා ගමන් බලපත්‍රයක්’ දියත් කිරීමේ රජයේ සැලසුම්ය. මෙය එන්නත් කිරීම සඳහා බැඳීමක් වන අතර, එය පුද්ගල නිදහසට තවදුරටත් සීමා කිරීමක් බව උද්ඝෝෂකයෝ පවසති.
Read Moreඔස්ට්‍රියානු චාන්සලර් සෙබස්තියන් කුර්ස් ඊයේ කියා සිටියේ රුසියාවේ ස්පුට්නික් වී එන්නත හෝ චීනයේ එන්නත් යුරෝපා සංගමය විසින් අනුමත කරන්නේ නම් තම රට තුළ ඒවා නිෂ්පාදනය කිරීමට තමා සූදානම් බවය.
Read More’’අපට මිලිටරි ආඥාදායකත්වයක් අවශ්‍ය නැහැ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි’’ යනුවෙන් ප්‍රධාන නගරය වන යන්ගොන්හි ජනයා හඬ නගයි. තවත් නගර රැසක රැලි විශාල ප්‍රමාණයක් පැවැත්විණි.
Read Moreමේ අතර චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් 600,000ක පළමු කාණ්ඩය කාම්බෝජ රජයට ඊයේ ලැබී තිබුණි.
Read Moreඋත්තරාකන්ද් ප්‍රාන්තයේ ගම්මානවල ජනතාව ඉවත් කර ඇති නමුත් 125කට වැඩි පිරිසක් මෙම ගංවතුරට හසු වී ඇති බවට බලධාරීන් විශ්වාස කරයි.
Read Moreඑසේම කොරෝනා වෛරසය කාන්දු වූ බවට චෝදනා ලැබ සිටි වූහාන් හි වෛරස් විද්‍යා ආයතනයටද WHO විශේෂඥ කණ්ඩායම පසුගියදා පැමිණියේය. ඩෙඩ්කොව් සංචාරයෙන් පසුව එතැනින් වෛරසය කාන්දු වීම පිළිබඳ න්‍යායද ප්‍රතික්ෂේප කළේය.
Read Moreඒ අනුව නව වෛරස ප්‍රභේදයන්ටද ඵලදායී ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි නව සංස්කරණයක් සඳහා විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බවත්, එය සරත් සෘතුවේදී පමණ ලබාගත හැකි බවත් සමාගම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,315,000ක සීමාවට ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.
Read Moreඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 161773කට ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි
Read Moreඅද (07) කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඅද (07) දිනයේ කොවිඩ් ආසාදිතයින් 807ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 63,000 ඉක්මවා ගියේය.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ ශිඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල යෑම සැලකිය හැකිය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 65000ට ආසන්න වී තිබේ. ඒ පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 362ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 64937ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More