saravita-anim2

2025 ජුලි මස 23 වන බදාදා

2025 ජුලි මස 23 වන බදාදා

Latest News - timelapse 7029 hours ago

LATEST

ඇමෙරිකා ගැන කලකිරීමෙන් ස්ටීවි වොන්ඩර් ඝානා යාවිලු

calendar_today 2021 පෙබ 23 - 06:49 remove_red_eye - 984  

’’අනේ කරුණාකරලා මට කැමතියි කියන්න. කරුණාකරලා මට ගරු කරන්න, කරුණාකරලා මං වැදගත් බව දැනගන්න, කරුණාකර මාව අගය කරන්න’ ආදී වශයෙන් මගේ දරුවන්ගේ දරුවන්ගේ දරුවනුත් පවසනවා දකින්නට මට අවශ්‍ය නැහැ. මේ මොකක්ද?’’ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකාව වැටී ඇති අගාධය ඔහු ඉඟි කළේය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 111,697,000ක් ඉක්මවා තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව එ.ජා.ප. සභාපති, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 267 දෙනෙකු අද (22) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 23 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කරන ලද චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇ​ත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 223 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බිබිල සිට තලවකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි (22) දින ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

Read More

උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බල ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කරන්නේ විවෘත හා විනිවිද භාවයෙන් බවත් ඒ හරහා තෙවන පාර්ශ්වයකට ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවත් චීනයේ සිනෝසෝර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තවත් 811 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

යුධමය වාතාවරණ පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද හේතුවෙන් තුවාල ලබා ස්ථිර ආබාධිත වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55 සම්පුර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස මාසික ස්ථාවර දීමනාව ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාවිත රණවිරු සංගමය විසින් සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 22 කොළඹ ගාලු මෝදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විය.

Read More

පිළිස්සුම් තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවක් කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසයි.

Read More

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

Read More

අද (22දා) රාත්‍රී 12.00 සිට හෙට (23 දා) රාත්‍රී 12.00 දක්වා එක්දන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.

Read More

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් වසා දැමූ ගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිත මාර්ග සහ අවට වෙළඳසල් අද ( 22 ) විවෘත කිරීමට උපදෙස් ලබා දුන් බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සදහන් කරයි.

Read More

2020 අගෝස්තු 17 දින සමස්ත දිවයිනටම බලපාන අයුරින් විදුලි පද්ධතියේ සිදුවූ පූර්ණ බිදවැටීම පිළිබදව සොයා බැලීමට පත්කල ස්වාධීන විශේෂඥ කමිටුවේ වාර්තාව හෙට (23දා) විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් වෙත භාරදීමට නියමිතව තිබේ.

Read More

මේ වනවිට අතරමග නවතා දමා තිබෙන කරදියාන ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් පිළිබදව කරුණු සොයා බලා ඉදිකිරීම් වැඩකටයුතු යළි ඇරඹීමට අවශ්‍ය පියවර ගතයුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි

Read More

කොරෝනා වසංගත තත්ත්වය යටතේ සේවයෙහි නිරත හෙද හෙදියන්ට විශේෂ නිවාඩු සහ ආරක්ෂිත පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 7 සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටියහ.

Read More

විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්‍රතිලාභ හිමිවිය යුත්තේ රටට හා ජනතාවට මිස අදාළ සමාගම් හා ඔවුන්ගේ මව්රට වලට නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රතිලාභ රටට හා ජනතාවට නිසි ලෙස හිමිවන්නේ දැයි විමසිලිමත් විය යුතු බවයි.

Read More

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු සඳහා එළැඹෙන 26 දා පෙ.ව. 8.00 සිට 28 දා පෙ.ව. 8.30 දක්වා කුරණ හා මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හැටන් නගර සිමාව තුළින් කොවිඩ් 19 වෛරසය අසාදනය වූ අසාදිතයන් 12 දෙනෙකු (22) දින ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් පැවසීය.

Read More

රටක අනාගතය මෙන්ම ලෝකයේ අනාගතය වන්නේද ළමා පරපුරයි. එබැවින් ළමා පරපුර සවිබල ගැන්වීම සියලු කාර්යයන්වල මූලික අරමුණක් වී ඇත. එසේ වුවද මේ වනතුරුත් ළමයින් විවිධ රැකියාවලට යොදවා ගැනීම නතර කිරීමට නොහැකි වී ඇත. ශ්‍රී ලංකාව තුළද තත්ත්වය එසේය. ලෝකයේම ළමා ශ්‍රමිකයන් මිලියන ගණනක් සිටින බැවින් ළමා ශ්‍රමය අවම කර ගැනීමේ අරමුණෙන් මේ වර්ෂය ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂය ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු කර තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනවිට කොරෝනා ආසාදිත පාසල් දරුවන්ගේ සංඛ්‍යාව 130 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

හැටන් නගර සිමාව තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (22) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසිය.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතියපුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, කටක, කන්‍යා, මීන වැනි ලග්නයන්ය.

Read More

මීගමුව නගර සභාව විසින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් නොමිලයේ බෙදා හැරීමට තිබූ පොත් තොගයක් අලෙවි කිරීම සඳහා පොත්සාප්පුවක තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.