නැගෙනහිර කාබනික පොහොර නිෂ්පාදනයේ සැලසුම
නැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයෙ (09) සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය.
දැනටමත් කාබනික පොහොර නිෂ්පාදනය කරන පළාත් පාලන ආයතන වලට එම කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන ලෙස ද ආණ්ඩුකාරවරිය එම ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියාය.
කෘෂිකර්මාන්තය සඳහා සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදවීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා zoom තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ රැස්වීමකදී ආණ්ඩුකාරවරිය මෙම උපදෙස් ලබා දුන්නාය.
මේ අතර කැලිකසල එකතු වීම අඩුවෙන් සිදුවන පළාත් පාලන ආයතන වල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ක්‍රම යොදා ගන්නා ලෙස ද ඇය මෙහිදී කියා සිටියාය.
මීට අමතරව පළාත තුළ ක්‍රියාත්මක සෑම ගොවි සමිතියකටම ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති සකස් කිරීමට කටයුතු කරන්නැයි පළාත් ගොවිජන සේවා කොමසාරිස්වරයාට නියෝග කළාය.
zoom තාක්ෂණය ඔස්සේ පැවති මෙම විශේෂ හමුව සඳහා පළාත් ප්‍රධාන ලේකම් ,ප්‍රධාන අමාත්‍යංශ ලේකම්,පළාත් පාලන කොමසාරිස් ,සහකාර පළාත් පාලන කොමසාරිස් වරුන්, නගරාධිපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එක්ව සිටියහ.
popular news
-
Kumar Friday, 11 June 2021 07:03 AM
No country would be able to manufacture enough fertilizers you guys are talking about. California with big dairy farms, chicken can't make enough for it own use. One thing I know about chicken manure is that it stinks like a dead animal and that rice paddies that used it saw more leaf growth than rice. Chicken manure was tried in our rice paddies in Sri Lanka in the early 80s. How about promoting efficient methods of using usual fertilizer. So far nobody has died by eating produce grown with artificial fertilizer in California.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

