රුසියාව පසුගියදා සිය ස්පුට්නික්-වී එන්නත නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා නවතම කර්මාන්ත ශාලාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත විවෘත කර තිබේ. මීට පෙර සෝවියට් විද්‍යාඥයන් ජීව විද්‍යාත්මක ආයුධ පිළිබඳව පර්යේෂණ මෙම ස්ථානය දැන් මහා පරිමාණ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කර ඇත.
පොරොන්දු වූ පරිදි චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53කට එන්නත් ආධාර ලබාදෙන අතර සමහර රටවලට දැනටමත් චීන ආධාර ලැබී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේදයක් හේතුවෙන් මාර්තු මාසයේ ආසාදන යළි ඉහළ යා හැකි බැවින්, දෙවැනි මාත්‍රාව කල්දමා වැඩි පිරිසකට එන්නත ලබාදිය හැකි ලෙස එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙසය.
Read Moreනැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවසංගතය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කළ චීනය, වියට්නාමය, තායිවානය ආදී රටවල මුල සිටම මුඛ ආවරණ භාවිතයේදී ජනතාව ඒ කෙරෙහි දැක්වූ උනන්දුව මෙන්ම, එම රටවල රජයන් හා පාලකයන් මෙන්ම ආයතනිනක පරිසරයන්ද ඒ කෙරෙහි ජනතාව හා තම සේවකවන් නැඹුරු කරවීමට දැක්වූ ප්‍රයත්නය බොහෝසෙයින් අද මල්ඵල ගැන්වී ඇත.
Read Moreචීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි තහවුරු කළේය.
Read Moreආගමික අන්තවාදය එරෙහිව පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.
Read Moreප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස්ට අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ධාවනය කළ කාරයේ වායු බෑග් ක්‍රියාත්මක වී ඇති අතර, වුඩ්ස් ආසන පටි පැළඳ සිට ඇත. ලොස් ඇන්ජලීස් ෂෙරිෆ් පැවසුවේ මෙය ඔහුගේ ජීවිතය බේරීමට හේතු වන්නට ඇති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,483,500ක සීමාවේ තිබුණත්, ගෙවීගිය සති කිහිපය තුළ ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වීමේ අඩුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreරැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
Read Moreඅප රට භාරගත්තේ මුහුණ දීමට සිදුවන අභියෝගයේ තරම නොදැන නොවේ. රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. ආර්ථිකය පැවතියේ ඉතා දුර්වල තැනක. අභියෝගය ජය ගන්නේ කෙසේදැයි අපට දැක්මක් තිබුණා. කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය නිසා ඉදිරි ගමනට බාධක පැමිණියත් අප කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත්තා. රටේ අපනයන ආදායම් පූර්ව කොවිඩ් අවධියට යළි ඇවිත්. වසංගතය හමුවේ රජය අනුගමනය කළ පිළිවෙත නිසා කෘෂිකර්මාන්තය දියුණු වුණා මිස කඩා වැටුණේ නැහැ.
Read Moreමානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅද (23) කොවිඩ් මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreඅද රටේ ළමා නිවාස වල සිටින අහිංසක දරුවන්ට ලිංගික හිංසන සහ විවිධ අඩත්තේට්ටම් සිදු කිරීම පිළිබඳ බහුලව වාර්තා වන බවත් ,ඒවාට එරෙහි ව රජයක් වශයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 222 දෙනෙකු අද (23) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
Read Moreතවත් 732 දෙනෙකු අද (23) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.
Read Moreකොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
Read Moreඋපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර සිටියේය.
Read Moreමහනුවර නගරයේ 45,000 කට අධික වු ගොඩනැගිලි සියල්ල පරීක්ෂා කර බලා ඒවායේ විධිමත් අවිධිමත් භාවය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට වීසා ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග යෑමට නොහැකි වී තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසල් දෙකක ළමුන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් , එම සිසු සිසුවියන් 06 දෙනාගේ දෙමව්පියන් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreජා-ඇල හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි පොලිස් බල ප්‍රදේශ වල දෙවන කොවිඩ් රැල්ලේදී ආසාධිත වු මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි 23 දිනට 3028 ක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
Read Moreආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කඩොලාන ශාක විනාශ කළ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ශා/ කේලේයාර් ද්‍රවිඩ විදුහලින් කොවිඩ් ආසාදිත සිසුවකු හා සිසුවියක් අලුතින් හදුනා ගැනිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොව්ඩ් ආසාදිතයන් ගණන 77 දක්වා ඉහල ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි.
Read Moreශ්‍රී ලංකා පොලීසියට ත්‍රි රෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රටේ මුළු ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreදිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreරසායනික ද්‍රව්‍ය මුසු කොට පාට යොදා නැවැත අළෙවි කිරීම සඳහා සැකසීම පිණිස පුද්ගලික තේ කර්මාන්ත ශාලාවකට රැගෙන යමින් තිබු කසළ තේ කුඩු කිලෝ 2732 ක තොඟයක් ඊයේ (22) රාත්‍රීයේ පුඬළුඔය ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read More