රනිල්ගේ පැමිණීම වාසුගේ මතය
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොමැති බවත් ආණ්ඩුවේ අඩුවීමක් සිදුවුවත් එම අඩුව පුරවාගැනීමට විපක්ෂය එකතු කර ගැනීමේ හැකියාව ඇති බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අද (11දා) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මෙම ගැටලුව සම්බන්ධයෙන් අපිට නම් කිසිම උනන්දුවක් නෑ. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ආසන 150 ක් තිබෙනවා. ඉතින් ඒ නිසා 150 එහෙන් මෙහෙන් පොඩ්ඩක් අඩුවුනත් ඒ අඩුවත් පිරිමහ ගන්න පුළුවන් විදිහට අපට විපක්ෂයත් දැන් එකතු කරගැනීමේ හැකියාවක් තිබෙනවා.
ලෝක ධනවාදයේ අර්බූදයේ ප්‍රතිඵලය තමයි අද එක්සත් ජාතික පක්ෂයේ අර්බූදය වී තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අර්බූදයේ ප්‍රතිඵලයක් හැටියට සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාත්, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් වෙන වෙනම නායකත්වය දෙමින් අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙමින් ඉන්නවා.
මේ විපක්ෂයේ ගැටුම ධනපති ක්රමයේ අර්බූදයක්. ඒ ගැටුම වැඩිවීම ධනපති ක්‍රමය වෙනුවට විකල්ප ක්රමයක වුවමනාව මතු කිරීමක්. ඒ අර්ථයෙන් තමයි විපක්ෂයේ අද මෙම ගැටුම උග්‍ර වෙලා තියෙන්නේ. අපිටත් ඒ ගැන බලාගෙන ඉන්නයි තියෙන්නේ. නමුත් මේක අපි දැනගත යුතුයි.
සංවෘතව සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටින අතර විවෘතව රනිල් වික්‍රමසිංහ මහතා පෙනී සිටිනවා. මේ දෙගොල්ලන්ගේම න්‍යාය පත්‍රය එකයි. ඒ අධිරාජ්‍යවාදීන්ගේ නියෝජිතයෝ. මේ රටේ මහ ධනපති පංතියේ නියෝජිතයෝ. මේවා මේ රටේ ජනතාව තමන් අද මුහුණ දෙන අසීරුතාවයන් ඉදිරියේ පටලවා නොගත යුතු දෙයක්.
මේ අය හැමදාම කලේ නායකත්වය රැකගැනීමටත් නායකත්වය ලබාගැනීමටත් සටන් කිරීම පමණයි. රටේ ජනතාවට නම් මේක අලුත් දෙයක් නොවේ”
popular news
-
Nandana Friday, 11 June 2021 08:56 PM
Samajawadi desha palakayek kaatawath jack gahanna Honda nehe,siya aramuna ituwena thuruma thaniwa ho satan vadiya uthui,eya thamai prathipaththimaya samajawadi kramaya viya uththe
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

