saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 7119 hours ago

LATEST

සචින් රෝහල් ගත කරයි

calendar_today 2021 අප්‍රේ 02 - 11:34 remove_red_eye - 804  

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුකාර්කාර් වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර තිබේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුට හෙරෝයින් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි ද්‍රව්‍යයක් සහ දුම්කොළ ලබාදිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

ඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව අමිතිරිගල මාර්ගයේ තල්දූව දෙසට ධාවනය වු ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ තරුණියක් ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පැවසීය.

Read More

වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක සහිත පොල්තෙල් අඩංගු බවට සැකකරෙන පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

ඊයේ දිනයේදී සිදුවූ මාරක රිය අනතුරු 10කින් මරණ 12ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මගී ප්‍රවාහන ගුවන් යානා 29ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,253 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , කිලෝ ග්රැම් 367,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ අවශ්‍ය පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ජනපති නීතිඥයෙක් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ජනතාවගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

වර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි. මේ පරිසර හානි කිරීම් පසුපස සිටින කණ්ඩායමක් ඉන්නවා. හැමදාම නීති විරෝධී කටයුතු කරමින් පරිසර හානි සිදු කරන්නේ ඔවුන් විසිනුයි.

Read More

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිිවෙකු නොදැවී ලකුණු 29ක් රැස්කරගෙන සිටියේය.

Read More
අද කාලගුණය
2 04 2021 08:00:00
0 143

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාවේ මාත්‍රා දෙකකින් යුතු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා නිපදවීමට චීනයේ ටොප්රිජ් ෆාමා ඖෂධ සමාගම එකඟ වී ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

Read More

’’අනතුරට හේතුව සම්බන්ධ සියලුම අන්තර්ගතයන් අප සතුව තිබෙනවා. අපට සියල්ල සොයාගැනීමට හැකිවුණා. ඒ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර, අත්සන් කර, මුද්‍රා තබා භාර දී තිබෙනවා’’ ෂෙරීෆ්වරයා කීවේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ සීනොෆාම් යන කොවිඩ්-19 එන්නත් තුනක් බෘනායි විසින් මෙතෙක් අනුමත කර ඇති නමුත් සුල්තාන්ට ලැබුණේ කවර එන්නත දැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර නැත.

Read More

චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ අවසාන රජු හෙවත් වඩිග රජා යැයි ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වූ රජෙකු ලෙස ප්‍රචලිත ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ඇසෙන පුවත් සමග, මේ එකී රසබර අතීතයක මතක සටහන් අවදි කිරීමකි.

Read More

රැකියා සදහා ඕමානයට ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු ඊයේ දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.

Read More

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ඇතුළු වැසි වනාන්තර සහ රැම්සාර් තෙත් භූමි ඇතුළත් වනාන්තර සහ පරිසරය ආරක්‍ෂා කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (04දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 129,334,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අප්‍රේල 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස 6කින් දිර්ඝ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරය පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ අනුබද්ධිත සංවිධාන සියල්ලක්ම යළි පණ ගැන්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අරඹන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (01) උපදෙස් ලබාදී තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01) තහවුරු කළේය.

Read More

මන්නාරම අඩම්පන් පොලිස් වසමේ කොවිකොඩිත්තාවිල් රක්ෂිතයේ පස් කපන යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

Read More

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා අතර පැවැති ද්විපාර්ශ්විය සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාලව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්‍රීයාත්මක කිරිම පිළිබද සාකච්ඡා වූ අතර, ඒ සදහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟතාව පළ කර ඇත

Read More

ස්වර්ණමහල් ජුවලර්ස් (පුද්) සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයට ඇප ලබා දී තිබේ.

Read More

අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් වසංගතය සාමාන්‍යකරණය වීමේදී රජයට ආදායමක් ලැබෙන ආකාරයට රටට හිතකර අයුරින් කටුනායක ගුවන් තොටුපළේ වෛද්‍ය පර්යේෂණාගාරය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය අතර සාකච්ඡාවක් අද (01දා) සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.