saravita-anim2

2025 ජුලි මස 27 වන ඉරිදා

2025 ජුලි මස 27 වන ඉරිදා

Latest News - timelapse 6987 hours ago

LATEST

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී පෙළපො​ත වෙනුවට මොඩුය​ල හඳුන්වාදීම යල්පැන ගිය ක්‍රමයක්

calendar_today 2021 මාර් 09 - 07:28 remove_red_eye - 2394  

ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ ගැටලු රාශියක් මේ වනවිට නිර්මාණය වී ඇති බවත්, ඒවාට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ගැටලු තවදුරටත් උග්‍ර වන බවත් එම ගුරුවරු විදුහල්පතිවරු චෝදනා කරති.

ගෝලීය වසංගතයක් බවට පත්වූ කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හඳුන්වා දුන් එන්නත් මේ වනවිට ලෝකයේ රටවල් රැසක සාර්ථක අයුරෙන් ජනතාව වෙත ලබාදෙමින් සිටී. එන්නත් ලබාගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් දැඩි තරගයක් ඇතිවී තිබෙන බැවින් එන්නත අහිමි වන රටවල් වෙනුවෙන් මැදිහත් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබිණ.

Read More

චීනයේ දැනට කොවිඩ්-19 එන්නත් 17 ක් සායනික අත්හදා බැලීම් කර ඇති අතර, ඉන් 7ක් තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වලට ලක්ව ඇති බව චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂිගාං පැවසීය.

Read More

ස්විට්සර්ලන්ත ජනතාව, එරට මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැලඳීම තහනම් කිරීමට ජනමතවිචරණයකින් තීරණය කර තිබේ.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ ඕනෑම රටක වැඩිම එන්නත් කිරීමක් සිදුකර ඇති මොරොක්කෝවේ මිලියන හතරකට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇත.

Read More

ජනාධිපති අසාද්ගේ වයස අවුරුදු 55ක් වන අතර, ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 10ක් ළාබාලය. ඔවුන්ගේ ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුනේ සිරියාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීම ආරම්භ කර සතියකට වැඩි කාලයක් ගතවීමෙන් පසුවය.

Read More

චීනයේ සීනෝවැක් කොවිඩ්-19 මර්දන එන්නතෙහි පස්වැනි තොගය පසුගියදා චිලී රාජ්‍ය වෙත ළඟවී තිබේ.

Read More

එක්සත් ජනපද කොවිඩ්-19 ආසාදිතයන් ජනවාරි 1දා මිලියන 20ක් දක්වා ළඟා වූ අතර, මාස දෙකයි දින කිහිපයකින් එය තවත් මිලියන 9කින් වැඩි වී තිබේ.

Read More

වෙරළබඩ නගරයක් වන බාටා හි නෙකොන්ටෝමා හමුදා කඳවුරේ ඇති වූ ගින්නකින් ඇති වූ පිපිරීමෙන් පුද්ගලයින් 615 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 117,112,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මේ වනවිට සිදුවන එන්නත්කරණයෙන් පසුවද මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

කාර්මික රසායනික ද්‍රව්‍ය බවට රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර තොගයක් අඩංගු බහාලුමක් කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු මධ්‍යම විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින එය අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කළ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතා පැවසීය .

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 172ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 05ක් ලෙස තවත් කොවිඩ් ආසාදිතයන් 177ක් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 507ක් දක්වා වැඩිවී තිබේ.

Read More

ඉරණතිවු ප්‍රදේශයේ ජනතාව තම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ගමන් බිමන් යාමට යම් යම් අවස්ථාවන්හීදී ආරක්ෂක අංශ විසින් පනවා තිබු බාධා ලිහිල් කිරීමට 2021.03.08 පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් 454 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

ගම්පහ , කච්චේරි භූමියෙහි ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක සේවය කරන සේවකයින් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර පිණිස යොමු කිරීමටත් ආශ්‍රිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කළේය.

Read More

මෙරට විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අයවලුන්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා කඩිනමින් පිලියම් යෙදීමට රජයක් ලෙස ක්‍රියාකරන බව ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත කුරහන් පැහැයෙන් යුතු ඉන්දියානු මැදිරි දහයක් හෙට දින කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි (ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික) කීර්ති හේවාවිතාරණ මහතා අද (8දා) රත්මලානේදී පැවැසීය.

Read More

එමෙන්ම තෙල් සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වලින් ලබා ගන්නා ණය ඩොලර් වෙනුවට රුපියල් වලින් ලබා ගැනීමේ හැකියාව රාජ්‍ය බැංකු සහ මහ බැංකුව සමඟ සාකච්ඡා කරන මෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

Read More

කොළඹ වායු කළාපය තුළ තිබෙන ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රමයෙන් පහළ යන බවට කොළඹ මහ නගර සභාවේ නිලධාරින් පිරිසක් පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය කරනු ලැබීය.

Read More

මෙම විමර්ශනයට අදාළව අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට දැනුම් දී තිබුණත් අද දිනයේදී ඒ සඳහා ඔහු නොපැමිණි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

Read More

විදේශ රැකියාවල නිරතව සිටියදී සිදුවූ විවිධ කරදර හේතුවෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින් තිස්දෙනෙකුට රුපියල් ලක්ෂ 57ක වන්දි පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී අද සිදු කෙරුනි.

Read More

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Read More

පිලියන්දල නිවන්තිඩිය පාසල් මාවතේ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් යුද්ධ හමුදා පළමුවන සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලෙක් ඊයේ (7) මියගිය බව පිළියන්දල පොලිසිය කියයි

Read More

කතරගම පොලිතින් මල්මාලා නිසා දැඩි පාරිසරික ගැටලුවක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.