saravita-anim2

2025 ජුලි මස 28 වන සඳුදා

2025 ජුලි මස 28 වන සඳුදා

Latest News - timelapse 6945 hours ago

LATEST

සුරේෂ් සලේගෙන් නලීන් බණ්ඩාරට විරුද්ධව පැමිණිල්ලක්

calendar_today 2021 මාර් 19 - 17:20 remove_red_eye - 552  

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 283 දෙනෙකු සුවය ලබා ඇත.

Read More

කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව ඇති බව හැටන් දිඹුල පතන පොලීසිය පැවසිය.

Read More

බත්තරමුල්ලේ ආසාදිතයින් වැඩිවීමට හේතුව එම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් හමුවීම බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අසාත් සාලි වගේ රට තුළ ජාති වදී, ආගම් වාදී , ත්‍රස්තවාදී ප්‍රකාශ ඉදිරිපත් කරන අයට, කවුරුන්ගේ හෝ මූල්‍යමය ශක්තියක් ලැබෙනුඇතැයි රජයට බරපතල සැකයක් ඇති වී තිබෙන බව සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

නිවසේ මියගොස් සිටියදී හමුවූ කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (19) ලැබුණු පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More

“2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී ඇති අතර, අපි දැනට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටී. 2021 අප්‍රේල් වන විට අනුමත අසීමිත අන්තර්ජාල සැලසුම් පාරිභෝගිකයින්ට අපේක්ෂා කළ හැකිය.”

Read More

දෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

Read More

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.

Read More

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය .

Read More

මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ දිවියෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පසු වන සතුන්ට සිදුකරනු ලබන විවිධ හිරිහැර සම්බන්ධයෙන් පුථල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව කියයි.

Read More

මගී ගුවන් යානා 28ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,473 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

චීනයේ දූත පිරිසක් එක්සත් ජනපදයේ නියෝජිතයන් සමග ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදයක් සඳහා එක්සත් ජනපදයේ, ඇලස්කා ප්‍රාන්තය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුකළේය. චීන දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් වන යැං ජිචි සහ වැන්ග් යී විසිනි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් එක්සත් ජනපදය නියෝජනය කළේය.

Read More

රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් ඝාතකයෙකු යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය හමුවේ, පූටින් විසින්ම බ්‍රහස්පතින්දා බයිඩන්ට ප්‍රතිචාර දක්වමින්, ’’අපගේ සාකච්ඡාව දිගටම කරගෙන යාමට ජනාධිපති බයිඩන්ට අවස්ථාව ලබාදීමට මම කැමතියි. නමුත් කොන්දේසියක් මත අපි එය සජීවීව, ඔන්ලයින් සාකච්ඡාවක් විදියට පවත්වමු. පූර්ව පටිගත කිරීමකින් තොරව, විවෘත හා සෘජු සාකච්ඡාවකට මම බයිඩන්ට ආරාධනා කරනවා.’’ යැයි කියා සිටියේය.

Read More

මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු දේවාලයේ පුජකවරයා ඇතුළු හතර දෙනකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් සමග එම හිංදු දේවාලය තාවකාලිකව වසා දැම්මට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂන එන්. නරේන්ද්‍රන් මහතා පවසයි.

Read More

මෙම නැව්ගත කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් තොගයක් සහ ඩොමිනිකන් රජය විසින් මිලදී ගත් සීනොවැක් එන්නත් මාත්‍රා තොගයක්ද අඩංගු බව කියයි.

Read More

ණය ගනුදෙනුවක් ලෙස ලැබෙන මෙම එන්නත්වලින් මෙක්සිකෝවට එන්නත මාත්‍රාව මිලියන 2.5ක් සහ කැනඩාවට මාත්‍රාව මිලියන 1.5ක් ලැබීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙසේ අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක වුවත් පාසල්, අත්‍යවශ්‍ය වෙළෙඳසැල් සහ පොත් සාප්පු විවෘතව පවතින බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමනු ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් පිටතට ගමන් කිරීම සීමා කරන බවද අවධාරණය කළේය.

Read More

පාකිස්තාන ජනාධිපතිවරයා චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද ඊයේ (19දා) සීනෝෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව විද ගෙන තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ඊයේ දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ආ මෘත ශරීරය ප්‍රභල අපරාධකරුවෙක් බව කියන කෙසෙල්වත්තේ දිනුකගේද යන්න පිළිබඳව නියත වශයෙන්ම හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය අවසර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More
අද කාලගුණය
19 03 2021 08:00:00
0 255

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කරයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, 2021 මාර්තු 15 වැනි දින නිකුත් කරන ලද එන්නත් කාණ්ඩ භාවිතය සම්බන්ධයෙන් පූර්වාරක්ෂාව මත එම එන්නත් ලබාදීම අත්හිටුවීම සඳහා හේතු තවදුරටත් නොපවතින බව ඉතාලියේ ඖෂධ නියාමකයා වන AIFA පවසා තිබේ.

Read More

කොරෝනා වෛරසය වසංගතය සැලකිය යුතු ලෙස යළිත් වේගවත් වන බවත්, එය තුන්වැනි රැල්ලක් බව වඩාත් ප්‍රකටව සහ පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් බවත් ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් අනතුරු අඟවයි.

Read More

ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Read More

දැනට වාර්තා වී ඇති මෙම සිදුවීම් ඉතා දුර්ලභ සිදුවීම් යැයි අවධාරණය කළ යුරෝපීය ඖෂධ ඒජන්සිය, එක්සත් රාජධානියේ සහ යුරෝපීය ආර්ථික කලාපයේ පරිපාලනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් මිලියන 20කින් සිද්ධීන් 30කටත් වඩා අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,713,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ඉබ්බාගමුව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ආවේක්ෂණ රාජකාරී වල නිරත වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද විශේෂ වර්ග වල සුනඛයන් 12 දෙනෙකු 03/18 දින සිට රාජකාරියේ යොදවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.