saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7054 hours ago

LATEST

ආසාදිතයින් 520ක්

calendar_today 2021 අප්‍රේ 22 - 18:17 remove_red_eye - 774  

කොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉකුත් වර්ෂයට එනම් , 2020 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛනයේ කෙටුම්පත දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බවත් www.elections.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වී ඇද්දැයි පරික්ෂාකර ගත හැකි බව මැතිවරණ කොමිසන් සභාව සදහන් කරනවා.

Read More

මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු අද (22දා) උදෑසන මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

Read More

ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිත්තවැල්ගාල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් කීපයක කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් පුද්ගලයන් 148 දෙනෙකු අද (22) දිනය වන විට නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය.

Read More

මෝදර ධිවර වරාය බදු දිමේදි රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය ගොනු කර ඇති නඩුව විභාගයට ගැනිමේදි දින නියම කිරිම ලබන ජුනි 16 වනදා සිදු කරන බව අධිකරණය අද දැනුම් දුන්නේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 216 දෙනෙකු අද (22) දිනයේ පිටවගොස් තිබේ.

Read More

“විපක්ෂයේ සක්‍රීය මන්ත්‍රිවරයෙක් හරීන් පුනාන්දු මන්ත්‍රීතුමා. එතුමා ක්‍රියාශීලීව කටයුතු කරනවා. අද එතුමට එන්න කියලා තියෙනවා රහස් පොලීසියට. මොකටද මේ එතුමා අත්අඩංගුවට ගන්න. එතුමා මර්දනය කරන්න. තමන්ට එරෙහිව නැගී සිටිනවා යැයි වශ්වාස කරන අයට පහරදීමක් සිදුවෙනවා.”

Read More

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධයක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තාවේ.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාරගත කර සිටි තරුණයින් 5 දෙන‌ා ඇප මත නිදහස් කර තිබේ.

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පයාගල නාගහ දූව ප්‍රදේශයේ පැවැත්වූ විවාහක අවිවාහක ක්‍රිකට් තරගයෙන් අනතුරුව තවත් පුද්ගලයන් එකොළොස් දෙනකු ට කොරෝනා වෛරසය ආසාධිත වීමත් සමගම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් පමණ ක් වාර්ෂිකව ෂොපින් බෑග් බිලියනයක් පරිසරයට මුදා හරින බවත්, එමෙන්ම ලන්ච් සීට් දිනකට මිලියන 10ක් පරිසරයට මුදා හරින බවත් පරිසර අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පැවසීය.

Read More

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ අල්වායි උතුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදී ගැනීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙදෙනකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

Read More

විදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට අප එකඟයි. නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයි.

Read More

චීනයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා එළැඹෙන 27 දා සිට 29 දා තෙක් තෙදින ශ්‍රී ලංකා නිල සංචාරයක් ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කර සිටිනවා.

Read More

කොවිඩ් එන්නත ලබාදීමේන් පසු යම්කිසි සංකූලතාවක් ඇතිවුවහොත් ප්‍රතිකාර කිරීමට කොළඹ ජාතික රෝහල සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පැවැසීය.

Read More

කොරෝනා රෝග තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ කිහිපයක මේ වනවිට යලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුව ඇති බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මඩකලපුව මණ්ඩපය ලෙසින් හෝ අලුත් සරසවියක් ලෙස එම ආයතනය පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති බව ඔහු පැවැසීය.

Read More

එළැඹෙන 27දා ආරම්භ කිරීමට නියමිතව තිබූ සරසවි ආරම්භ කිරිම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය

Read More

ඊයේ හදුනාගත් නව ආසාදිතයින් 578 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම හැසිරීම කනගාටුදායක බවත් ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුටිබැට දෙන දිනය වැඩි ඈතක නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

Read More

ගව මස් අලෙවි සැලක් මාර්ගයෙන් ගනේවත්ත තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

Read More

යාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකුරක අවධානමක් පවතින බවට උතුරුපළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.

Read More

මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

119 පොලිස් ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ යුත්තේ හදිසි ආපදාවක්, අනතුරක් හෝ අපරාධයක් පිළිබඳව දැනුම් දීමට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් හා දික්ඔය ප්‍රදේශවලින් 21වන දින හමුවු කොවිඩ් ආසාදිතයන් 04 දෙනා සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1618 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

ලෝකයටම අලුත් වසංගතයක් වූ කෝවිඩ් 19 වෛරසය පාලනයට ඒ ඒ රටවල් තම තමන්ට ආවේණික වූ ක්‍රමවේද අනුගමනය කිරීම මුල් කාලයේදී සිදුවිය. නමුත් ක්‍රමයෙන් ලද අත්දැකීම් හා දැනුම මත වඩාත් ඵලදායී ක්‍රමවේද මොනවාදැයි දැනගන්නට ලැබිණ. ඒවාට අනුගතව සාර්ථකව ප්‍රශ්නය කළමනාකරණය කරගත් රටවල් මෙන්ම ප්‍රශ්නය අනාගෙන ඉල්ලන් කෑ රටවල්ද දැකගත හැකිය. මේ දෙවර්ගයේ රටවල් අතරින් කුමන කුලකයට ශ්‍රී ලංකාව අයිති වන්නේද යන්න සිතා බැලිය යුතුය. පසුගිය වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ කාල සී

Read More

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම 4 වන දිනටත් ශේ්‍ර්ෂ්ඨාධිකරණයේදි අද සිදු කෙරෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.