saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7407 hours ago

LATEST

දැඩි සුළඟක් නිසා කඩුවෙල නිවාස 24කට හානි

calendar_today 2021 ජුනි 14 - 11:25 remove_red_eye - 300  

කඩුවෙල ප්‍රදේශය හරහා අද (14) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 24කට අර්ධ හානි සිදුව ඇතැයි, ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

Read More

ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි

Read More

ආරච්චිකට්ටුව සෞඛ්‍ය බලප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලදී කොවිඩ්19 වෛරසය ආසාධිත පුද්ගලයින් 35ක් 13දා වාර්තාවූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් සඳහා සහන මිලට ලබා දීමට නියමිතව තිබූ පොහොර තොගයක් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 506 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

තෙල් මිල වැඩි කිරීම බැසිල්ගේ කමිටුව දැන නොසිටියාදැයි සැකයක්?

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩු ඉන්ධන මිල ගණන් දරණ රටක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.

Read More

නව අගමැති ලෙස බෙනට් දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුව අමතමින්, සටන්කාමී නෙතන්යාහු තමා නිහඬව පිටව නොයන බව අඟවමින්, ’’අපට විපක්ෂයට යාමට නියම වී ඇත්නම්, එය පෙරළා දැමිය හැකි වන තෙක් අපි හිස ඔසවාගෙන සිටිනවා. එය බොහෝදෙනා සිතනවාට වඩා ඉක්මණින් සිදුවනු ඇති.’’ යනුවෙන් පැවසීය.

Read More

ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා ගමන්ගන්නා සියලුම වාහන හෙට (14) සිට වැල්ලවත්තෙන් මුහුදුබඩ මාර්ගයට හරවන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

Read More

ආයුධ සන්නද්ධ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ඇතුළුවීමට උත්සාහ කරන බවට වාර්තාවීමත් සමග තමින්නාඩු ප්‍රාන්ත පොලීසිය හා මධ්‍යම බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ පසුගිය වසරේදීද එරට කොවිඩ්-19 වසංගතය ඉහළ යෑමට සෘජුවම වගකිව යුතු පුද්ගලයා බවට පත්වූයේ වසංගතයේ බැරෑරුම් බව ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු නොකිරීමත්, තමාද ආදර්ශයෙන්ම එය ගණන් නොගන්නෙකු ලෙස හැසිරීමත් නිසාය.

Read More

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

සංගාට පෙර මීට ඉහතදී ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් කරනු ලැබීය. මුරලි මෙම නාමාවලියට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකිකයාද වෙයි.

Read More

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි. තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, ඔවුන් අනාගත ලෝකය වෙනුවෙන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන හරහා අපේක්ෂා කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 443දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් බලපෑම් එල්ල වූ වෙරළ ප්‍රදේශවල ධීවර කටයුතු අහිමි වූ ධීවර පවුල්වලට රුපියල් 5,000 සේ දීමනාව ජුනි 15 වනදා සිට ලබාදීමට නියමිතව තිබේ.

Read More

සහල් මිල සම්බන්ධයෙන් අනවබෝධයෙන් යුතුව විවිධ පාර්ශව චෝදනා කළද, මෙම විෂය පථයෙහි ප්‍රායෝගික ගැටලු සහ ව්‍යාපාර පිරිවැයන් සම්බන්ධයෙන් ඔබ වෙත අවබෝධයක් ලබාදීමට මෙය සුදුසුම මොහොත බව මා නොසිතමි. තවද මේ සම්බන්ධයෙන් කිසිවෙකුට චෝදනා කිරීමට හෝ වත්මන් රජයේ වැඩපිළිවෙළ අපහසුතාවයට පත් කිරීමට හෝ මා කිසිසේත්ම අදහස් නොකරමින්, දේශිය ව්‍යවසායකයෙකු ලෙස මාගේ යුතුකම් කොටස රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරමි.

Read More

බදු ගෙවන්නන්ගේ මුදලින් මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වු රජයේ යෝජනාව සමගි ජන බලවේගයේ අපි ප්‍රතික්ෂේප කරන්නෙමු. රටතුළ පවත්නා මෙම සීමිත අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයන් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගි කරගන්නා ලෙස රජයට බල කරමු

Read More

දකුණු පළාතට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වන විට වාර්තා වි ඇති සමස්ත කෝවිඩි රෝගීන්ගේ ගණන නවදහස් පන්සියයක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සබරගමු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවැසිය.

Read More

මෙම මිල ගණන් වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් පමණි. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට ගත් තීරණයකි.

Read More

මතුගම එන්නත්කරන වැඩසටහන සාර්ථකත්වය සදහා මතුගම ප්‍රාදේශීය සභාව ලබාදුන් සහායට සෞඛ්‍ය අංශයේ හා ජනතාවගේ ප්‍රණාමය හිමිව තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,031ක් දෙනෙකු අද (13) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ඉන්ධන මිල වැඩිකිරීමේ තීන්දුව සම්බන්ධයෙන් රට පුරා ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් තමන් විසින් සාමූහිකව ගත් තීරණය එසේ නොවන බව සඳහන් කරමින් එක් අයෙකු ගිලටීනයට දැක්කවීමට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය කටයතු කරමින් තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් සජිත් ‍ප්‍රේමදාස මහතා පවසයි.

Read More

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට මොහොතකරට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගම්මන්පිල මහතාට කෙටි පණිවිඩයක් යොමුකර තිබේ. එම මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා සඳහන් කළේ කෙටි පණිවිඩයක් මගින් ජනපති පැවැසූ දෙය තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.