saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7018 hours ago

LATEST

530කට පුර්ණ සුවය

calendar_today 2021 අප්‍රේ 30 - 17:16 remove_red_eye - 183  

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 88ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (30) පෙරවරු 10.00 වනවිට 5782 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

කොවිඩ්-19 ඇතුළු ප්‍රතිශක්තිකරණ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන උපකරණවල, මීළඟ භාණ්ඩ තොගයට අයිස් ආස්තරණය කරන ලද ශීතකරණ 100ක්, ශීතකරණ උෂ්ණත්වය අධීක්ෂණය කරන උපකරණ 145ක් සහ ප‍්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් 1,000ක් අඩංගුවේ.

Read More

මේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන එක නොවෙයි ජීවත් වෙනවාද නැත්ද කියනදේ ගැන තමයි දැන් ප්‍රශ්නය තියෙන්නේ. ඒ ගානට දැන් ඇවිත් තියෙන්නේ. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.

Read More

දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

අඹගමුව ප්‍රාදේශිය සභාවේ සේවකයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ප්‍රාදේශිය සභාවේ අදායම් අංශය තාවකාලිකව වසා දැමු බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය.

Read More

2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති දප්පුලද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සව ඇතුළු සියලු මහජන ඒකරාශීවීම් සහ උත්සව සති දෙකකට තහනම් කර ඇති බ​ව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

බිබිල පොලිස් බල ප්‍රදේශයේ බිබිලවත්ත 200 කොටසට පිවිසෙන මාර්ගයේ වැටී මියගොස් සිටි පුද්ගලයෙකු ඊයේ (29දා) බිබිල පොලීසිය සොයාගෙන ඇත.

Read More

කොරෝනා ආසාධිත රෝගියකු මරණයට පත්වීමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව අද (29දා) සවස වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරියකු පැවැසීය.

Read More

සැකකරු බොරැල්ල පදිංචිකරුවෙක් වන අතර වසර 10ක කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇත.

Read More

ගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතී. මෙය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන බැවිනි. එනම් ඔබ ඉහළ වායු දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් පවතී.

Read More

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් හතළිස් දෙනකු සඳහා ඉකුත් දින සිදුකරනු ලද පි.සි. අර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් රැඳවියන් 32 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව ඊයේ (29) රාත්‍රියේ තහවුරු වී ඇතැයි කළුතර බන්ධනාගාර උසස් නිලධාරියෙකු සඳහන් කළහ.

Read More

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

Read More

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයන් 19474ක් සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රාශියක් දන්නා පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයේ භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මධ්‍යම පළාත තුල 28 වන දිනට වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන් 288ත් සමග මධ්‍යම පළාතේ කොවිඩ් ආසාදිතයන් ගනන 9251 දක්වා ඉහල ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවයි.

Read More

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1531ක් දෙනා ගෙන් 533 දෙනකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් - පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 104ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

බස්නාහිර පළාත තුළ පිහිටි හෝටල්, රෙස්ටුරන්ට්, සමාජශාලා හා තැබෑරුම් ආශ්‍රිතව විශේෂ පැය තුනක මෙහෙයුමක් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඊයේ රාත්‍රියේ සිදුකර තිබේ.

Read More

’’අපි බලයේ සිටියා. අපි රජය ලෙස ක්‍රියා කළා. ඒ නිසා ඇත්තෙන්ම තත්ත්වය හොඳ වුවත්, නරක වුවත් එහි වගකීම පළමුවෙන්ම හා ප්‍රධානවම රජය ලෙස අපි දැරිය යුතුයි. එය කුමක් වුවත් එය අපගේ වගකීම වෙනවා. මෙතැනදී වෙනත් ඕනෑම කෙනෙකුට දොස් කියන්න අපට අවශ්‍ය නැහැ. මොකද අපි රජයක් හැටියට බලයේ සිටිනවා නම්, අවසානයේ අපි මීට වගකිව යුතුයි. අපගේ අවධානය දැන් යොමු වී ඇත්තේ හැකිතරම් අපට ජීවිත බේරාගත හැකි ආකාරයන් සෙවීම පිළිබඳවයි.’’ BJP ප්‍රකාශක කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුරුණෑගල, මාතලේ හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලින් කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමගින් එම දිස්ත්‍රික්කවල තොරාගත් පොලිස් කොට්ඨාස හා ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන තිබේ.

Read More

ලොව පුරා ආසාදිතයන් කෝටි 14ක සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 18දාය. නිල දත්ත අනුව දින 10කින් පමණ ආසාදන කෝටියක් වැඩිවී තිබේ. වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බොරලැස්ගමුව පදිංචි අවුරුදු 49ක කාන්තාවක්, මහනුවර පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, වත්තල පදිංචි අවුරුදු 37ක කාන්තාවක්, වැලිමඩ පදිංචි අවුරුදු 72ක කාන්තාවක්, කලුතර පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය පදිංචි අවුරුදු 61ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.