ආසියා කොවිඩ් අපිකේන්ද්‍රය ඉන්දුනීසියාව සීමා දිගු කරයි
ආසාදන මැඬපැවැත්වීම සඳහා ඉන්දුනීසියාව සිය කොවිඩ්-19 සීමා කිරීම් අගෝස්තු 02දා දක්වා තවත් සතියකින් දීර්ඝ කළ බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ නිවේදනය කරයි.
ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ්-19 අපිකේන්ද්‍රය බවට පත්ව ඇත්තේ රෝහල්, විශේෂයෙන් ජනාකීර්ණ ජාවා දූපතේ සහ බාලි හි රෝහල්වල ඔක්සිජන් සැපයුම් පවා හිඟවීම නිසාවෙනි.
"දින 23ක් පුරා බලපැවැත්වෙන මර්ධනයන් පිළිබඳව අවබෝධය සහ සහයෝගය ලබාදීම පිළිබඳව සියලු ඉන්දුනීසියානු වැසියන්ට මි ස්තූතිවන්ත වෙනවා" කොවිඩ් ආසාදන වැඩිවී, රෝහල් ඇඳන් අඩුවී ඇති බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
සාම්ප්‍රදායික වෙළෙඳ පොළවල් සහ එළිමහන් ප්‍රදේශ සහිත ආපනශාලා විවෘත කිරීම සඳහා ඉඩ දී ඇති අතර, යම් සීමාවන් සහිතව රජය ඇතැම් ක්‍රියාකාරකම් සඳහා ක්‍රමවේදයන් සකසන බවද ජෝකොවි පැවසීය.
පසුගිය සතියේ ඉන්දුනීසියාව වාර්තාගත ලෙස ඉහළ මරණ අනුපාතයක් වාර්තා කළ අතර, අවසන් වරට සිකුරාදා මියගිය සංඛ්‍යාව 1,566ක් වූයේ, සමස්ත මරණ 83,000කට වඩා වාර්තා කරමිනි. එමෙන්ම සමස්ත ආසාදන මිලියන 3.1 කට වඩා වැඩි වී තිබේ.
ඉන්දුනීසියාවේ මිලියන 270ක ජනගහනයෙන් 7%කටත් අඩු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාදී තිබීම ආසාදන වැඩිවීමට හේතුව බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

