saravita-anim2

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි මස 04 වන බදාදා

Latest News - timelapse 7325 hours ago

LATEST

දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කරයි

calendar_today 2021 ජුලි 02 - 07:15 remove_red_eye - 1382  

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 325 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

දෙවැනි එක්දින තරගයෙන් ඔවුන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ද තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වි​ය.

Read More

අද අපි රු 50ක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50, 60, 70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්තයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.

Read More

පස්යාල සහ මීරිගම ප්‍රදේශයන්හි ගබඩා දෙකක සගවා තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පොහොර කිලෝ 51,000 ක් ගොවීන්ට ලබාදීමට පියවර ගනු ලැබීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් භාර නොගන්නා රටවල් දැනටමත් ආරක්ෂිත හා ඵලදායී බව පෙන්වා දී ඇති ජීවිතාරක්ෂක එන්නත් පිළිබඳ විශ්වාසය අඩපණ කරමින් සිටින අතර, මෙවැනි සැලකීමක් ජනතාව එන්නත්කරණයට යොමුවීම කෙරෙහි දැඩිව බලපාන බව COVAX හවුල්කාර පාර්ශ්වයන්ද පවසයි.

Read More

අද දිනයේ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 1888ක් සුවය ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 241ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 642 ක් හඳුනාගෙන ඇත.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,815කි.

Read More

කොවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයින් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවිමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

Read More

සංචාරකයන් හරහා වෛරසය රට තුළ පැතිරීම වළක්වාලීම සඳහා ආරක්ෂාව දැඩි වනු ඇත. සෑම සංචාරකයෙකුටම ඔවුන්ගේ ස්මාට්ෆෝනයට ලුහුබැඳීමේ යෙදුමක් ස්ථාපනය කිරීමට හෝ විද්‍යුත් වළල්ලක් පැලඳීමට අවශ්‍ය වනු ඇත.

Read More

ජාවාරම්කරුවන් හා සමීප සම්බන්ධතා පවත්වමින් කටයුතු කළ බව කියන සිද්ධියකට අදාලව වහාම ක්‍රියාත්මක වන පරිදි සෙවනගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කිරිමට පියවරගත් බව ඇඹිළිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බවත්, මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්‍ෂ ක්‍රීඩකයන් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු හා වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය ස්කයි ස්පෝට්ස් මාධ්‍ය සමගින් එක්වී හෙතෙම මේ බව පැවසීය.

Read More

ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.

Read More

පිටි මිළ වැඩි නොකරන්නේ නම් පාන් ඇතුළු නිෂ්පාදන වල මිළ වැඩි වීම සිදු නොකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සිය පවසන්නේ, කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකක් ආරක්ෂාව සපයන බවයි.

Read More

තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.

Read More

ගල්කිස්ස ප්‍රදේශයේදී වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනා මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 1,173 ක් හඳුනාගෙන ඇති බව​ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

Read More

ශ්‍රී ලංකා - එංගලන්ත දෙව​න එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීම​ට එංගලන්තය තීරණය කර තිබේ. ආබාධ වලට ලක්ව සිටි ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.

Read More

සමස්ත ලංකා හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති අද දින ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා ජාතික රෝහල් ඇතුළු දිවයිනේ සියලු රෝහල්හි මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබේ. එම ක්‍රියාමාර්ගය සඳහා සියලුම හෙද හෙදියන් සම්බන්ධව සටී.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ, එහෙත් මෑතකදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම පුහුණු සංචිතයකට කැඳවා ඇති බව වාර්තා වේ.

Read More

කොව්ඩ් වෛරසය පැතිරීයාම් අවධානම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තු පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සහකාර සාමාන්‍යධිකාරි සංජීව ලංකාප්‍රිය සමරනායක මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (01) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 270 ක් වාර්තාවිමත් 25,408 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

නාලක ගොඩහේවා ඉල්ලා අස්විය යුතුයි අලි සබ්‍රිගේ පනත හකුළා ගත යුතුයි

Read More

මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් පිරි අභ්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ති​බේ. එම බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 38 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 38 කු ඊයේ (30) දින වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.