පිටියෙත්, පිටියෙන් පිටත් හැසිරීම් ගැන කණගාටුයි - සංගා
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කණගාටුවක් දැනෙන බවත්, මෙරට පළමු පෙළ ක්‍රීඩාව දක්ෂ ක්‍රීඩකයන් නිපදවීමට තරම් හොඳ මට්ටමේ නොමැති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු හා වත්මන් එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය ස්කයි ස්පෝට්ස් මාධ්‍ය සමගින් එක්වී හෙතෙම මේ බව පැවසීය.
“අපිට දක්ෂතා තිබෙන ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් පිටියේදී වගේම පිටියෙන් පිටතදී ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධව නම් හරිම කණගාටුවක් දැනෙන්නේ. ඒ ප්රශ්නය ජාත්‍යන්තර ක්‍රිකට්වල වගේම අපේ පළමු පෙළ තරගවලත් මුල් බැසගෙන තියෙනවා. ඒක දක්ෂ ක්‍රීඩකයන් හදන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.
කලක් අපේ හිටපු පුහුණුකරුවෙකු වන ට්‍රෙවර් බේලිසුත් කිව්වා, අපේ ක්‍රීඩකයන්ට අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව උගන්නන එක අමාරුයි කියලා. පිටියෙන් පිටතදී ගත්තොත් ඔවුන්ගේ විනය හා ඉලක්කය හදාගත යුතුයි. ඒ වගේම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දාල තියෙන නීතිරීතිවලට ඇහුම්කන් දිය යුතුයි. ඒක අංක එක”යනුවෙන් හෙතෙම මෙහිදී පැවසීය.
මේ අතර එංගලන්ත සංචාරය අතුරතුර විනය චෝදනාවකට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයන් පිළිබඳ අදහස් දැක්වූ සංගක්කාර,
“මේ ක්‍රීඩකයන් තුන්දෙනා ඉතා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණයක් තියෙයි. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා පමණක් නෙමෙයි, යහපත් පුද්ගලයන් ලෙසින් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පවත්වාගෙන යාමට උපදේශත් ලබා දිය යුතුයි” යැයි සංගක්කාර පැවසීය.
popular news
-
Prabath Thursday, 01 July 2021 09:29 PM
Me aya serama pasupela hadanne nathuwa gihin dan baila gahanawa. Okkoma thamanta thamange wada tika karagannakam vitharai. Prabath
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
