saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6870 hours ago

LATEST

දැන් සුදු ලූණු පොඩිකරන්න හදනවා

calendar_today 2021 ජුනි 02 - 16:10 remove_red_eye - 1345  

එක්ස්ප්‍රස් පර්ල් ‍නෞකාව අයත් සමාගමට විරුද්ධව නඩු මාර්ගයට පිවිසෙන ලෙස සියලු ධීවර සංගම් වලින් ඉල්ලීමක් කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන්වහන්සේ නායකත්වය ලබා දීමට සූදානම් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම සරක්කුකන්ද කැපුම්ගොඩ දක්වා කිලෝමීටර් 09 ක පමණ දිග වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර විධානය විසිණි. පසුගිය 26 වැනි දා මෙම ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාව මඟින් ආරම්භ කළ අතර අද (02) දින වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්වලින් පැමිණි ප්ලාස්ටික් ද්‍රව්‍ය ටොන් 584 ක් වෙරළෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

Read More

නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයින් ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

Read More

හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාධිත මාතෘ මරණ 07ක් ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

නිරෝධායන නීති උල්ලංගණය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලක චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන්දින සාදයට එක්වූ තවත් පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නැවැත දැනුම් දෙන තුරු පානදුර සිට කොළඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න ධිවර කටයුතු කිරිම තහනම් කර තිබෙනවා.

Read More

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා ඇ​ති බව​ට රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව විවාහ සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ පනත යටතේ කිසියම් විවාහයක් රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් කාර්යාලයකදී විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක මුදල 120 දක්වා ඉහළ දමා ඇත.

Read More

කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අද (02) සිට එක් දිනකට පමණක් වලංගු විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතී. එහි නවතම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන මෙම ඡායාරූප ලබාගෙන තිබේ.

Read More

රථවාහන නීති උල්ලංගණය කරමින් අන්තරාදායක ලෙස රිය පැදවූ චන්දිමාල් ජයසිංහගේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් ඇති බව වාර්තාවේ.

Read More

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරගාවලිහි ඉදිරි තරග සැලසුම් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් ඊයේ (01දා) රාත්‍රියේදී නිවේදනය කළේය. ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත්, එක්දින හා විස්සයි20 ලෝක කුසලානයේ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ශූරයන්ගේ කුසලානය නැවත වරක් පැවැත්වීමටත් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි මාත්‍රා දෙකම එරට ජනතාව වෙත ලබාදීමේ කාල සටහනෙහි කිසිදු වෙනසක් නොමැති බවත්, රජයක් ලෙස ඒ සඳහා බැඳී සිටින බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වී.කේ. පෝල් අවධාරණය කරයි.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් (02) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 20 දෙනෙකු හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගර බද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත රැදවියන් 5 දෙනෙකු ඊයේ (1) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

සංචරණ සිමා පනවා තිබිම නිසා පිඩාවට පත් පුද්ගලයින්ට රජය විසින් ගෙවනු ලබන රු 5000 දීමනාව ලබාදීමට අදාළ මුදල් බැංකුවලට ලැබී නොමැති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

සංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද (02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ⁣ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

නැගෙනහිර චීනයේ ජියැන්ග්සු හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ඒ අනුව H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වූ බවට තහවුරු කරගත් ලෝකයේ පළමු රෝගියා ඔහු වෙයි.

Read More

පසුගිය මැයි 08 වනදා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති කාමරයක තිබූ සේප්පුවක් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්‍රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා පනවා තිබූ අත්හිටුවීම අවසන් කිරීමෙන් පසුව , අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මගී ගුවන් යානා 29 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,068 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

Read More

ගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.

Read More

සැඟ වූ පොහොර තොග වෙළඳපොළට නිකුත් කරන්නැයි, රජය වෙළෙඳුන්ට දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.