saravita-anim2

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 7031 hours ago

LATEST

සංචරණ සිමා 18 දක්වා පවත්වාගෙන ගියොත් ආසාදිතයින් අඩුකර ගත හැකියි

calendar_today 2021 සැප් 05 - 17:34 remove_red_eye - 513  

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාවීම අඩු මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. ‍

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හෙට (06) දිනයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව බව වාර්තා වෙයි. හෙට (06) උදෑසන 9.30 සිට 12.30 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි.

Read More

තමා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කළ කාලසීමටවට අදාළව තම පත්වීම් ලිපිය අනුව තමන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බව හිටපු මහ බැංකු අධිපති, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කදිරවේලි හා වාකරේ ප්‍රදේශවල නිවෙස් කිහිපයක සගවා තිබූ පොහොර මිටි 169 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

Read More

පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන පවසා සිටියි.

Read More

කොරෝනා ආසාදනය වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් පසුගිය 04වනදා උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

Read More

කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 -30 පිරිස් වෙත කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව දැනුම් දෙයි.

Read More

විශේෂයෙන්ම එන්නත් සමහර ප්‍රදේශ වලට ඇයි වැඩියෙන් යන්නේ මොන පදනමෙන් ද කියලා හැමෝම අහනවා. මාධ්‍යයෙන් කතා කරනවා. ඔබ තුමාලා බනිනනවා, මෙහෙම ප්‍රශ්න තියා ගෙන කොහොම හරි අමාරුවෙන් මේ වැඩේ අපි ඉස්සරහට අරගෙන යන බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

ඖෂධ සඳහාද ඉදිරියේදී මිල සූත‍්‍රයක් සකස් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

Read More

සීනි සහ වී තොග සගවාගෙන සිටින ව්‍යාපාරිකයින් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

Read More

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසා සිටියි. පවතින නිරෝධායන ඇඳිරිනීතියට යටත්ව සෞඛ්‍ය උපදෙස් මත ජනතාව ක්‍රියා කිරීම හමුවේ එම තත්ත්වය ඇතිවෙමින් ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් වෛරසය ආසාදිතව නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 38 ක් වයසැති කුඩා බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගොවීන්ට නොමිලේ ලබා දෙනු ලබන කිලෝ ග්‍රෑම් 50 බැගින් අඩංගු පොහොර මිටි 169 ක් කදිරවේලි හා වාකරේ ප්‍රදේශ වල නිවෙස් දෙකක සඟවා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සිටි පුද්ගලයන් සිව් දෙනෙක් (5) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුර කියයි.

Read More

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළද තොග වෙළෙදාම් සඳහා විවෘත කෙරුණා.

Read More

මෙරට එන්නත්කරණය යටතේ පුද්ගලයින් 180,062කට ඊයේ කොවිඩ් එන්නත් ලබාදි තිබෙනවා.

Read More

හොරණ, ගෝනපොළ කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක නීති විරෝධී මත්පැන් පෙරන බවට ලද තොරතුරක් අනුව වැටලීමේදී නිවසේ වහලේ තනන ලද රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට හැකි වූ බව මොරගහහේන පොලිසිය කියයි.

Read More

රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු ඇරඹීමේ සමාරම්භ වැඩසටහන් කිහිපයක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවල දී සංවිධානය කර තිබේ.

Read More

දික්ඔය මුලික රෝහලේ අලුතින් ඉදි කරන ලද අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකිර්ණය (05) දින එම රෝහලේ පරිපාලන අධිකාරිය වෙත භාරදෙනු ලැබුහ.

Read More

පවතින කොවිඩ් වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සිමා කර තිබියදිත් යාපනය අච්චුවේලි ඊයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වි තිබේ.

Read More

අද (05) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් ආසාදනය විමෙන් මෙරට ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මියගොස් පන්සියයට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වි ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

Read More

(FACT CHECK) ජනගහණයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ

Read More

ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 1083ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසා සිටියි.

Read More

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ති​බේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිලදී ගත්’’ සයිනොෆාම් ’’ එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

නවසීලන්තයේ සිටියදී තමා දෙමළ මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වා දී තිබූ අහ්මඩ් අතිල් මොහොමඩ් සැම්සුදීන් නමැති ත්‍රස්තයා, තමන්ව රටින් පිටුවහල් කිරීමේ සූදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එහිදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ’’ශ්‍රී ලංකාවේදී තමාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධ හිංසාවලට මුහුණ දීමට සිදුවෙනවා’’ යැයි ඔහු අධිකරණයට පවසා තිබුණි.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුනු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වි​ය.

Read More

වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත්කරණය කිරීම හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට හේතුවු සෞඛ්‍ය සහ විද්‍යාත්මක පදනම කුමක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ප‍්‍රශ්ණ කළේය.

Read More

සෞදි අරාබියේ දමාම් නගරයට ඉහළදී මෙම මිසයිලය තවත් ප්‍රති මිසයිලයක ආධාරයෙන් එහි ගමන වළක්වමින් විනාශ කළ බව නම සඳහන් නොකළ සෞදි ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.