saravita-anim2

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

Latest News - timelapse 7027 hours ago

LATEST

දිනක් තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1125ක්

calendar_today 2021 සැප් 06 - 13:34 remove_red_eye - 233  

ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය සැප්තැම්බර් 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

Read More

තොග වෙළෙඳාම සඳහා පමණක් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘතව තැබෙනවා.

Read More

මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යෑමට පුරෝගාමී වූ පුද්ගලයෙකු ලෙස ජිනදාස ගුරුගේ මහතා සැලකේ. මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස දුප්පතුන්ට මුදල් බෙදාදීම ආරම්භ කළේද ගුරුගේ මහතායි. ඔහු ප්‍රකට සමාජ සේවකයෙකි. විහාරාස්ථාන ගණනාවක්ද ගුරුගේ මහතා ව්සින් ගොඩ නගා තිබේ. අවසන් කටයුතු හෙට (07දා) සිදු කිරිමට නියමිතය.

Read More

’’අපේ රටේ උපන් බවට සඳහන් වූ කෘරතර ත්‍රස්තවාදියෙක් නවසීලන්තයේදී සිදුකළ ඒ කණගාටුදායක කෘරතර ක්‍රියාව අපි හෙළා දකිනවා. නවසීලන්තයේ රජය හා ජනතාව සමග ඒ ශෝකය අපි බෙදා ගන්නවා. එවැනි ක්‍රියාවලියකට ඉඩ නොතබා ත්‍රස්තවාදයේ දරුණුකම හදුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරය හරහා අද යළිත් මතු වී තිබෙනවා”

Read More

මෙරට තිබෙන ආහාර මාෆියාව පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදීසි නීතිය පැනවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Read More

නිරෝධායන නීති කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

Read More

අද අලුයම සිය ජීවිතයෙන් සමුගත් ප්‍රකට සංගීතඥ සුනිල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් අදහස් දක්වමින් සිටී.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 99 දෙනකු හමුවිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 12152 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ 273 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (6දා) අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

Read More

අද (06) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 257කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදය අද (06) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ,’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක පමණ ප්‍රමාණයක් , අද දින අලුයම , කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

Read More

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.

Read More

මෙම හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක තිබුණත්, එරට ප්‍රභූ හමුදා ඒකකයේ ප්‍රධානී මාමාඩි ඩුම්බෝව්යා පැවසුවේ ’’දුප්පත්කම සහ රටම වෙලාගත් ආවේණික දූෂණය’’ හේතුවෙන් ජනාධිපති ඇල්ෆා කොන්ඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට තම හමුදාව යොමු කළ බවයි.

Read More

සීනී බදු වංචාවෙන් රටට අහිමි වූ රු.බිලියන 35ක මුදලින් මිලියන 17.5ක ජනතාවක් එන්නත් කිරීමට හැකියාව තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Read More

එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පරිවර්තකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් නොහොත් ජොර්ජ් මාස්ටර් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Read More

මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක සහ ඇගේ අත සිටි මාස තුනක් වයසැති කුඩා බිලිඳෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෙඩි ප්‍රහාර 7ක් වැදුණු වයස අවුරුදු 11ක දැරියක තුවාල ලබා ශල්‍යකර්මයන්ට භජානය වී ඇති බවත් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

Read More

සියලු ප්‍රදේශවල නිෂ්පාදිත ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර රජය මිලදී ගැනීමෙන් පසු ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

Read More

කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම භාර අමාත්‍ය ටාරෝ කොනෝ එරට මීළඟ අගමැතිවරයා ලෙස පත්වීම සඳහා ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

පෙරේදා දිනයේදී කොවිඩ් මරණ (145) වල යම් අඩුවීමක් දක්නට ලැබුණත් ඊයේ දිනයේදි නැවතවරක් මරණ වැඩි වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10140ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී මියගිය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා මහත්මියගේ අවසන් කටයුතු කොවිඩ් නීති රීති වලට අනුකූලව හෙට (06) මහියංගන ආදාහනාගාරයේ දී සිදුකරන බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පවසයි .

Read More

හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන සාදි ගඩාෆි 2011 දී විරෝධතාකරුවන්ට එරෙහිව සිදුකළ අපරාධ සහ 2005 ලිබියානු පාපන්දු පුහුණුකරු බෂීර් අල්-රයානි ඝාතනය කිරීමේ චෝදනා යටතේ ට්‍රිපොලි බන්ධනාගාරයේ රඳවා සිටියේය.

Read More

තිරිඟු පිටි මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. තිරිඟු පිටි ආනයන සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

වැවත් වැව් බැම්මත් රැකගෙන වැව් සිරිය නැරඹීමට එන දෙස් විදෙස් පිරිස් වලට පහසුකම් සැපයෙන බුද්ධිමත් වැඩපිලිවෙලකට අපි කවුරුත් එළඹිය යුතුයි . දැන් මේ රට දුවන්නෙ කෘෂිකර්මාන්තයෙන් නොවෙයි . සංචාරක කර්මාන්තය නිසා බොහෝ දෙනාදෙනා ජීවත්වනවා .

Read More

නවසීලන්තය විසින් කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 20දෙනෙකු අඛණ්ඩව තුන්වැනි දිනටත් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබුණේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වයිරස් සීමා ලිහිල් කළ හැකිද යන්න පිළිබඳ තීරණයට පෙරය.

Read More

“අවිශ්ක තමා අපිට ඉන්න පන්දුවට වේගයෙන් පහර දෙන්න පුලුවන් ක්‍රීඩකයා හදිසියේවත් අවිශ්ක ඉක්මණින් දැවී ගියොත් භානුක දැන ගන්න ඕනේ කඩුල්ලේ රැඳී ඉන්න .නොම්බර 3 ක්‍රීඩා කරන්නේ ලෝක ක්‍රිකට් එකේ ඉන්න සුපිරිම ක්‍රීඩකයා,භානුක එතනට සුදුසු නිසා තමා ඔහුව ඒ ස්ථානයට යොදවලා තියෙන්නේ,ආසාර්ථක වෙන්න ලැජ්ජාවක් නැත්නම් වගකීමක් ගන්න ඕනේ. වරදක් කරා කියලා අනිත් තරඟය භානුකව එලියේ තියන්නේ නැතුව එයාට තව අවස්ථාවක් දීලා බලන්න ඕ​නේ”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.