නවසීලන්තයට ශ්‍රී ලංකාවේ ශෝකය
නවසීලන්තයේදී ශ්‍රී ලාංකිකයෙක් සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාව රජයක් ලෙස හෙළා දකින බවත් නවසීලන්ත රජය හා ජනතාව සමග එම ශෝකය බෙදා ගන්නා බවත් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එම සිදුවීම හරහා ත්‍රස්තවාදය ජාත්‍යන්තරය හරහා වර්ථමානයේ යළිත් මතුවී ඇති බවද අද (06දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
"අපේ රටේ උපන් බවට සඳහන් වූ කෘරතර ත්‍රස්තවාදියෙක් නවසීලන්තයේදී සිදුකළ ඒ කණගාටුදායක කෘරතර ක්‍රියාව අපි හෙළා දකිනවා. නවසීලන්තයේ රජය හා ජනතාව සමග ඒ ශෝකය අපි බෙදා ගන්නවා. එවැනි ක්‍රියාවලියකට ඉඩ නොතබා ත්රස්තවාදයේ දරුණුකම හදුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරය හරහා අද යළිත් මතු වී තිබෙනවා” යැයි ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Deepal Nirosh Monday, 06 September 2021 12:17 PM
රටකට අකරතැබ්බයක් වූ විට ශෝකය බෙදා හදා ගැනීම මිත්‍රශීලී ක්‍රියාවක්. ඒත් මෙහෙම දෙයක් අපේ රටේ සිදුවුණා නම් අපට එරෙහිව මානව හිමිකම් චෝදනා කරුවන් අතර නවසීලන්තයත් පෙරමුනේ. මොහු ත්‍රස්තවාදී ක්‍රියාකාරිකයකු බව එරට පොලිසිය දැන දැනත් මීට පෙර නීතිමය ක්රියාමාර්ලග නො ගෙන හුරතල් කළේ ඇයි කියන එකත් ගැටළුවක් තමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

