රුපියල් කෝටි තුනකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම සිරිතොප්පු හන්දියේ දී (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (01දා) පැවැත්විණි. කොළඹ 07, මහගමසේකර මාවතේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, පුබුදු ජයගොඩ සහභාගි වූහ.
Read Moreරිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
Read Moreමේ අතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ වැඩිවිය පැමිණිමේ උත්සවයකට සහභාගි වූ පුද්ගලයින් සහ ඔහුගේ ආශ්‍රිතයින් 85 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී තිබෙනවා.
Read Moreඑළැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරගාවලිය, ජාතික සහ පළමු පෙළ නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
Read Moreගත වූ දිනයේ දිස්ත්‍රික්ක 08ක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සියය ඉක්මවා ගොස් තිබේ.
Read Moreදකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුළු ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගි තහනම තවත් සති 4 න් එනම් එළඹෙන අගෝස්තු 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමත්යංශය පැවසීය.
Read Moreරජය මේ යන ගමන මේ ආකාරයට ගියහොත් එක්සත් ජාතික පක්ෂයට සිදු වූ දේ අපටත් වෙන්න පුළුවන් . ජනතාව හැමදාම ඉවසන්නේ නෑ . යම් වෙලාවක් එයි ගන්න ඕන තීරණය ජනතාව ගන්න .
Read Moreමධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නිරත ආයතනයන්ගෙන් ඉන්ධන සොරාගෙන වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් 07 දෙනෙකු වේයන්ගොඩ, වඳුරව දුම්රියපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇත
Read Moreයාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මිය ගොස් ඇති අතර එම පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති තිබූ බව යාපනය පොලීසිය පවසයි.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅමාත්‍ය සරත් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ආරක්ෂක අමාත්‍යාශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreරිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රසිද්ධ ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreවෙළෙඳ පොළේ දැනට පවතින සහල් මිල අඩුකර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළෙඳ හා කෘෂිකර්ම යන අමාත්‍යාංශ දෙක පියවර ගෙන ඇත.
Read Moreහය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඅද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පළමු අවස්ථාවට පැය 24 පුරාම එන්නත් ලබාදෙන ස්ථානයක් අද දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.
Read Moreරිය අනතුරුවලින් සියයට 73ක්ම නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම බවත් බස්නාහිර, වයඹ හා දකුණ පළාත්වල වැඩි වශයෙන් අනතුරු සිදුවන බවත් ඔහු පැහැදිලි කළේය. සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයේදී අනතුරු වැඩි වශයෙන් සිදුවන බවත් සෑම දිනකම සවස 4ත් රාත්‍රී 8ත් අතර වැඩි වශයෙන් අනතුරු සිදුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
Read Moreවා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාවේ රොස්කෝස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා අද (31දා) පවසා සිටියේය.
Read Moreපනවා ඇති සීමා ලිහිල් කෙරුණද තවදුරටත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
Read Moreපතල් කැනීම්කරුවන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අද සිට ආරම්භ කෙරුණා.
Read Moreඑන්නත් මගින් කොවිඩ් ආසාදනයට සහ දරුණු රෝග ඇති වීමට එරෙහිව ලබාදෙන ආරක්ෂාව කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ ඇති බැවින්, එන්නත් කිරීමේ වැඩසටහන් වසර ගණනාවක් අඛණ්ඩව සිදුවන බව විද්‍යාඥයන් බ්‍රිතාන්‍ය රජයේ උපදේශක කණ්ඩායමට පවසා තිබේ.
Read Moreජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අද (31දා) පැවැති කාන්තා මීටර 100 අවසන් මහා තරගයේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනාගැනීමට ජැමයිකාව සමත් විය.
Read Moreතායිලන්තය පුරා වසංගතයේ ප්‍රබල පැතිරී යාමත් සමග කොවිඩ්-19 මරණවලින් පිරී ඉතිරී ගිය එරට රෝහල් මෘත ශරීරාගාර 2004 විනාශකාරී සුනාමියේදී අවසන් වරට ගත් ක්‍රමවේදයකට යොමු වෙමින් මළ සිරුරු ශීතකළ කන්ටේනර් බහාලුම්වල ගබඩා කිරීම අරඹා තිබේ.
Read Moreඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 08/01 දින සිට බස්නාහිර පළාතේ තෝරා ගත් මධ්‍යස්ථාන 20 ක දී ලබා දීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය , ජපානයේ සිට රැගෙන ආ මෙම එන්නත් තොගය භාර ගනිමින් 07/31 දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී පැවසුවාය .
Read Moreකොරොනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදී ඇතත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇත්තේ මරණයට පත් වූවන් එන්නත්කරණයට ලක්වී නොමැති නිසා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
Read Moreවසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානමකට ලක්ව සිටියි.
Read Moreපොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජත් රෝහණ මහතා සඳහන් කළේ පේරාදෙණිය රෝහලේදී අද පෙරවරු 8.30ට ආරම්භ වූ එම පරීක්ෂණය පස්වරු 5.15 දක්වා පැය 9කට ආසන්න කාලයක් පවත්වා ඇති බවයි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More