" අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්රමුඛ රදගුරු මණ්ඩලයට හා කිතුණු ජනතාවට බොහෝම පැහැදිලිව කියනවා, සමගි ජන බලවේගය රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ට කිසිම සමාවක් නොදී එම වැරදි කරුවන්ට දැඩි දඩුවම් දෙනවා කියලා" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ වත්තල සමගි ජන බලය ප්‍රධාන කාර්යාලය 01දා විවෘත කරමින් පැවති උත්සව සභාවේදීය. එම කාර්යාලය විවෘත කරමින් වත්තල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතාව සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කල අතර එහිදී හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් ප්‍රකාශයක් මගින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා සිටියේ තමන් හරියටම වයස අවුරුදු හැටේදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවයි.
"අද රට ඉල්ලන්නේ අළුත් වැඩපිළිවෙළක් නැවුම් දර්ශනයක්. සමගි ජන බලවේගය ඇත්තටම නව වැඩපිළිවෙළක් ජනතාව ඉදිරියට ගෙනැවිත් තියනවා. හැකියාව නිපණත්වයට අපි තැන දෙනවා. දේශපාලන තරගකරුවෙක් අපි සතුරන් විදිහට සලකන්නේ නෑ. වත්මන් ආණඩුවට හොදට රගපෑම් කරන්න පුළුවන් අය ඉන්නවා.
දේශප්‍රේමීන්, ජාති හිතෛෂීන් මෙවැනි වචන දාලා පොහොට්ටුවට දේශප්‍රේමයේ සින්නක්කර ඔප්පුව අයිතියි කියලා හිතනවා. මේ රටට නොසුදුසු පෝර නැවක් ආවා. ඒක හරවලා යැව්වා. මේ නැව ආයේ මේ මුහුදු සීමාවේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. දැන් මේ දේශප්‍රේමී ආණ්ඩුව මොකද කරන්නේ.
මහජන බැංකුව චීනයේ කලු ලැයිස්තුව ට දාලා. මේ රටේ මුදල් ඇමති කියනවා එයා ඒක දන්නේ නැතිළු. මේ අයට බැරිද චීන තානාපති කැoවලා මේ ගැන කතා කරන්න. කෝ දැන් මේ අයගේ දේශප්‍රේමීත්වය. මැතිවරණ ළඟ ජාතිවාදය අවුසලා රට ගිණි තියන්න හැදුවා. අද කාර්ය සාධක බලකායකට හදපු ලැයිස්තුව බලන්න. පුරවැසියන් හිතා මතා භේද කරනවා. මේ පත්කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ජනාධිපතිවරයාට කියනවා වරදක් වුනොත් අඩියක් පස්සට ගන්න එක වැරැද්දක් නෙවෙයි. මේ රටේ සමගිය නැති කරන මේ ඒක පාර්ශවීය කාණ්ඩායම ඉවත් කරන්න.
අපි දන්නවා පාස්කු ප්‍රහාරය මෙලේජ්ච, නින්දිත ප්‍රහාරයක් බව. ත්‍රස්තවාදය ට අපි ඉහලම දඩුවම් ලබා දෙන්න ඕනේ. පාස්කු ප්‍රහාරයට ලක් වු ඒ දේවස්ථාන තිබුණට වඩා හොඳ තත්වයට ගේන්න අපි කටයුතු කෙරුවා. අපි සතිපතා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ගේ මන්දීරයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් තිබ්බාපාස්කු ප්‍රහාරයේ සුල මුල තාම හොයාගෙන නෑ කියන එක බහුතර ජනතාවගේ මතය. මේ අතර සමහරු බොරු ප්රවෘත්ති මවනවා, ලියනවා පාස්කු ප්‍රහාරය ගැන මනූෂ නානායක්කාර ටයි හරීන් ටයි හෙළිදරව් කරන්න මම ඉඩ දුන්නේ නෑ කියලා.
කතෝලික ප්‍රජාව තුළ මා පිළිබඳ අප්‍රසාදයක් බොරු බේගල් අද ඇදබානවා. හරීන්ට, මනූෂට පාර්මේන්තුවේ මේ ගැන කතා කරන්න ඇති තරම් කාලය දුන්නා.මගේ පියාත් ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියේ. එනිසා මම දන්නවා ඒ ගෙවල් වල තියන වේදනාව. ඒකයි මට හොඳට කතෝලික ප්‍රජාවගේ වේදනාව දැනෙනවා.
මට පවුල් පරපුරක් රැක ගන්න නෑ. මම පවුල් පරපුරවල් රකින්නෙත් නෑ. ඕනෑම ජනතාවාදී දක්ෂ වැඩ කරුවන්ට සමගි ජන බලවේගයේ දොරවල් ඇරලා තියන බව කියන්න ඕනේ."
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ වත්තල සරත් චින්තක