saravita-anim2

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

Latest News - timelapse 6596 hours ago

LATEST

UN නව වාර්තාවකින් පරිසර පද්ධති ගැන අනතුරු ඇඟවීම්

calendar_today 2021 දෙසැ 10 - 23:30 remove_red_eye - 377  

වාර්තාව පෙන්වා දෙන්නේ පෘථිවියහි පසෙන් 33%ක් පමණ දැනට මධ්‍යස්ථ හා ඉහළ ලෙස භාවිතයට ගත නොහැකි නිසරු මට්ටමකට පැමිණ ඇති බවයි.

වත්මන් රජය යුගදනවි ගිවිසුම සඟවා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බවත් අදාල ගිවිසුම අනුර කුමාර දිසානායක මහතා සභාගත කිරීමට පෙර ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

පසුගිය වසර 51 තුළ, 1970 දී ලෝන්ග් මාර්ච්-1 හි පළමු ගුවන් ගමනේ සිට, ලෝන්ග් මාර්ච් රොකට්ටු චීනයේ අභ්‍යවකාශ දියත් කිරීම්වලින් 92.1%ක් සඳහා භාවිත කර ඇත.

Read More

මෙරට තිබෙන ණය ගෙවා නැවත ණය ලබා නොගන්නා තත්ත්වයකට රට පත් කිරීමට සහයෝගය ලෙස පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලින් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

2022 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණ අතර විපක්ෂව 64ක් ලැබුණි.

Read More

ඊශ්‍රායලය විසින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් අවම වශයෙන් 21දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් වසංගතය පාලනය හා එන්නත්කරණය මේ වනවිට සතුටුදායක තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මේ උත්සව සමයේ උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට 2021 දෙසැම්බර් 10 වැනි දින උතුරු චීනයේ ටියැන්ජින් හි අත්සන් කරයි.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍ර භේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් අප්‍රිකානු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබූ නියෝගය ඉවත් කර තිබේ.

Read More

2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

බූස්ටර් එන්නත් මගින් රෝග ලක්ෂණ ආසාදනයට එරෙහිව 70-75% ආරක්ෂාවක් සපයන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.

Read More

කොරෝනා මරණ සැලකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ අඩු විමට බලපා ඇති ප්‍රධානම කරුණ ලෙස බලපා ඇත්තේ නිසි ආකාරයෙන් කෝවිඩ් එ එන්නත්කරණය නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දුෂ්කර ප්‍රදේශවල රෝහල්හි සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් එම රෝහල් සදහා වෛද්‍ය නිල නිවාස දහසක් ඉදිකිරීමට සැළසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

LPL තරගාවලියේ අටව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More

විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එෆ්.එම්. මධුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කොට්ටාව පොලිස් වසමේ ලියනගොඩ ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී නීති විරෝධී ලෙස පොලිස් නිල ඇදුම් කට්ටලයක්, මාන්චු කූට්ටන් 02 ක්, එම යතුරු 01 ක් පොලිස් නිලධාරීන් බාවිතා කරණ අංක තහඩුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවු. 50 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොට්ටාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read More

ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට මෙම නවනීතියේදී 2008 වසරෙන් පසුව උපන් කිසිවෙකුට ඉදිරියේදී සිය ජීවිත කාලය තුළදී දුම්වැටි මිලදී ගැනීමට අවස්ථාව හිමි නොවනු ඇත.

Read More

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ගෙන තිබේ. එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කළේය.

Read More

එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙයි.

Read More

පාර්ලිමේන්තුවේ 225 ම එපා කියලා, දේශපාලනඥයෝ ගැන ජනතාව කළකිරීමෙන් කතා කළා. දේශපාලනඥයටම තමා වගකීම තිබෙන්නේ ඒ කළකිරීම දුරු කර ගැනීම සඳහා වැදගත් විදිහට හැසිරෙන්න. වර්තමාන පාර්ලිමේන්තුවෙන් ඒ වැදගත් හැසිරීම ජනතාව බලාපොරොත්තු වෙනවා යැයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගියදා මිනුවන්ගොඩ ප්‍රාදේශී​ය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී ව

Read More

යුගදනවි බලාගාරය පිළිබඳ ගිවිසුම ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය බලය ලබා දී තිබුණ බවත් කෙසේ වෙතත් අදාල ගිවිසුම අත්සන් කර තිබෙනුයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග අනුබද්ද එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් යන ඇමරිකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා සමාගමක් සමග බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදු කළ මෙම ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්ෂික ආනයන දත්ත පරිශීලනය කර ඇත. ඉන්ධන ආනයනය සඳහා වැය වන වියදම තීරණය වන්නේ ඉන්ධන පරිභෝජනය මත පමණක් නොවේ. නිතර ඉහළ පහළ යෑමේ නැඹුරුවක් පෙන්වන ජාත්‍යන්තර ඉන්ධන මිලද, ඉන්ධන වියදම තීරණය කරන සාධකයකි. එනිසා, FactCheck.lk විසින් 2010 සිට 2020 දක්වා කාලය තුළ ඉන්ධන වෙනුවෙන් දරන ලද වියදමේ සාමාන්‍යය සලකා බලා ඇත.

Read More

මුලතිව් අලම්පිල් මුහුදු ‍වෙරලට මිය ගිය ඩෝල්ෆින් මාලු 09 දෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබියදී ඊයේ (09) සවස අවසන් කටයුතු සිදුකල බවට උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

අද (10) සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කළ ගෑස් සිලින්ඩර වලින්ද අනතුරු වාර්තාවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

එලවළු මිල යලිත් ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. හැටන් මහජන වෙලදපොලේ (10) දින මාලු මිරිස් කිලෝවක් රු 750 ක් සහ අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 ඉහල මිලකට අලෙවි වන බවත්, තක්කාලි කිලෝවක් රු 400ක් , අමු මිරිස් කිලෝවක් රු 400-450 අතර මිලකට අලෙවි වන බවයි වෙලදුන් කියා සිටින්නේ.

Read More

2020 කඩඉම් ලකුණු අනුව සිසුන්ට අදාළ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වීමේ අවසන් දිනය 2021 දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10දා) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.