saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 6175 hours ago

LATEST

හිටපු පොලිස්පති පූජිත්ට එරෙහි නඩුවේ චෝදනා භාරදෙයි

calendar_today 2021 නොවැ 22 - 11:02 remove_red_eye - 167  

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දී තිබේ.

“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්‍රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරු 5ට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවැසීය.

Read More

ශාක පෝෂක සහ කෘෂි රසායනික යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී එන්නත්කරණ වැඩසටහන යටතේ , ශ්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් 11/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

අම්පාර අභයභූමිය තුළ පිහිටි හෙක්ටයාර 46.18ක භූමියක පිහිටි නාගරික හා සංවර්ධිත ඉඩම් ඉවත් කර නව මායිම් නැවත සකස් කිරීමට වනජීවී රැකවරණය, අලිවැට හා අඟල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

Read More

ස්පුට්නික් වී එන්නතෙහි පළමු එන්නත් මාත්‍රාව පසුගිය මාර්තු 23 වැනි දින සහ දෙවැනි එන්නත් මාත්‍රාව අප්‍රේල් 14 වැනි දින පූටින්ට විදගනු ලැබීය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ මෙතෙක් ආරම්භ වී නොමැති 06 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද (22) සිට ආරම්භ වෙයි.

Read More

රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.

Read More

ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොල වන චීනයේ මෙම වසර අවසන් වන විට ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව මිලියන 300කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරයි.

Read More

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හෙට (22දා) උදේ 9.30 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණෙන ලෙසට සිරිල් ගාමිණි පියතුමන්ට දන්වා යැවු බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (21දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මේ වනවිටත් එන්නත්කරණය සිදුකෙරෙන බැවින් එන්නත් ලබානොගත් ජනතාවට වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූ බව කාරුණිකව දන්වා සිටිමු. මීට අමතරව ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

Read More

ඉරිදා නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යය නව කොවිඩ්-19 ආසාදිතයන් 40,000ක් ඉක්මවා ලියාපදිංචි කර ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 9,845,492 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ නුවර - කෙළඹ දුම්රිය ගමන් හෙට (22දා) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීමත් සමඟ,’’සිසු සැරිය’’ බස් රථ 1400 ක් එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

පොලීසිය මෝටර් රථය වෙත වෙඩි තැබීමක්ද සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

මෙවර මහ කන්නය සඳහා වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටීමට සමත් විය.

Read More

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න සමත් විය.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් හෙට (22දා) දිවයිනට ලැබීමට නියමිත බවත්, අනිද්දා තවත් එන්නත් ලක්ෂ 4 සහ ලබන දෙසැම්බර් මස සිට සෑම මාසයකම එන්නත් ලක්ෂ 30 බැගින් දිවයිනට එවන බව ෆයිසර් මව් සමාගම දැනුම් දී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සමග අද (21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ ශෝට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම නිසාවෙන් අනතුරකට මුහුණ දීමට සිදු විය.

Read More

“එක රටක්, එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම ඊයේ (20 ) වව්නියාව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණ.

Read More

මෙම රජය පලවා හැර විකල්ප ආණ්ඩුවක් බිහි කිරීමට බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තිබුනත් ස්ථිර වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් එය තරමක් කල් ගත වුවත් මේ යන ආකාරයට එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය .

Read More

1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඉන්දියවෙන් රැගෙන එන ලදැයි සැකකෙරෙන රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක් යාපනය අරියාලෙයි මුහුදු තීරයේ අතහැර දමා ගොස් තිබියදී නාවික හමුදාව විසින් අද (21) අලුයම සොයාගනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.