බස් රථ ධාවනය සඳහා අවශ්‍ය අවශ්‍ය ඩීසල් නිසි පරිදි නොමැතිවීම හේතුවෙන් සියලුම පෞද්ගලික බස්රථ ලබන සඳුදා (6) සිට ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගන්නා බවත් විජේරත්න මහතා පැවසීය.
බස් රථ ධාවනය සඳහා මේ සතිය තුළ ඩීසල් විධිමත්ව ලබාදීමට පියවර නොගතහොත් සඳුදා (6) සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.