වේවැල්වත්ත, හපුගස්තැන්න වතුයායේ ඉඩමක මැණික් සේවීමේ අරමුණින් පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලේ පස් කණ්ඩියක් කඩා වැටී එයට යටවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මරණකරු අවුරුදු 58ක් වන ගල්ලෑල්ල, රත්නපුර පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙක් සමග පතල කපමින් සිටි අතර පතලේ අඩි අටක ගැඹුරේ ඉල්ලම් කඩමින් සිටියදි මෙසේ පස් කණ්ඩියට යටවී තිබේ.
ඔහුව එයින් මුදවාගෙන ගල්ලෑල්ල රෝහල වෙත රැගන යන විටදී ජීවිතක්ෂයට පත්ව තිබේ.