saravita-anim2

2025 ජුනි මස 22 වන ඉරිදා

2025 ජුනි මස 22 වන ඉරිදා

Latest News - timelapse 511 hours ago

LATEST

අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද

calendar_today 2025 පෙබ 25 - 07:32 remove_red_eye - 108  

2025 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (25දා) පස්වරු 06ට පැවැත්වීමට නියමිතව ඇත.

’’ ඔයාට වැඩක් නෑ නේද ? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද?’’ යනුවෙන් මුහුණු පොත හරහා පණිවිඩ යොමු කර ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුව පොළඹවාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීම සඳහා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) දින නියම කළේය.

Read More

කතරගම වල්ලිමාතා ගම විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් විසින්13 හැවිරිදි දැරියක් අපයෝනයට ලක් කිරිමට තැත් කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අද (24) වැනි දින තිස්සමහාරාම වැඩබලන මහෙස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව හෙට (25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරන ලදී.

Read More

කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයකින් ඉතා සූක්ෂමව සඟවා රැගෙන යන ලද රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 400 කට ආසන්න ප්‍රමාණයක් අද (24) උදෑසන කාලයේදී අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

Read More

පාසල් පොත්පත් සහ උපකරණ මිල දී ගැනීමට රජයෙන් ලබාදෙන රුපියල් 6000ක මුදල් ‍වුවචරය ලබාගැනීමට නම් 2025 වර්ෂයට නියමිත පාසල් සංවර්ධන ගාස්තු ගෙවා අවසන් කළ යුතු යැයි ගාල්ලේ පාසලක විදුහල්පතිවරයෙක් දෙමාපියන්ට දැනුම් දී තිබේ.

Read More

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා පත්කර තිබේ. එසේම ජනපති මාධ්‍ය උපදේශක ලෙස චන්දන සූරියබණ්ඩාර මහතා පත්කර තිබේ.

Read More

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර සිට ගලේවෙල පොලිස් වසම දක්වාත් දඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සිට කන්තලේ දක්වාත් ස්ථාන 15 ක දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ඉන්ධන ප්‍රවාහනය කරන බව්සර් රථ වලින් සහ රජයේ වාහනවලින් ඉන්ධන පිටතට ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජනතාව පවසති.

Read More

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය.

Read More

මහා කන්නයේ වී අස්වනු නෙළන සෑම ගොවියෙකුම සිය අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් 300 ක් රජයට ලබා දීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු වූයේ දී සියලු ගොවි සංවිධාන එකඟතාවය පළ කළ බව ත්‍රිකුණාමලය දිසාපති ඩබ්ලිව්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා පැවසීය.

Read More

උණ සෑදී රජයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය වයස අවුරුදු එකයි මාස නවයක් වූ පුංචි දියණියට රෝහලේ නොසැලිකිලිමත් කම නිසා ජීවිතය අහිමි වී තිබෙන බවත් තවත් දරුවෙකුට මෙවැනි ඉරණමක් අත් නොවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය දියණියගේ පියා සහ මව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර අමාත්‍යවරයාට මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට මෙන්ම පොලිසියට පැමිණි කොට තිබේ.

Read More

කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසැලේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමට මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

Read More

කොළඹ අලුත් කඩේ අංක පහ අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගනේමුල්ල සංජීව අය වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකාරිය හඳුනා ගැනීම සඳහා මෑත කාලේ ලබාගන්න ලද ඡායාරූප කීපයක් මාධ්‍ය කොට්ඨාසය වෙත ලැබී ඇතැයි පොලිසිය කියයි.

Read More

මෙරට පාරිපාලනය සිදු කළ යුත්තේ ජනාධිපති කාර්යාලයෙන් මිස පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයෙන් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පලමු මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයද මෙය වෙයි. ඒහිදී ශ්‍රීලංකාව පිලිබද මානව හිමිකම් සැසියේ කුමන අදහස් ඉදිරිපත් වේද යන්න ගැන

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24දා) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නියමිත ගැඹුර තැනින් තැන අඩුවීම හේතුවෙන් නියමිත ගැඹුරට හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.

Read More

වර්තමාන ආණ්ඩුව සාධනීය අරමුණින් වැටුප් සංශෝධනයක් ක්‍රියාත්මක කළත් , අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට ගත් තීරණය හේතුවෙන් වෛද්‍යවරුන් ඉච්ඡාභංගත්වයට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

සංවේදක පද්ධති (Senor System) සවි කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වනඅලි දුම්රියේ ගැටෙන ප්‍රදේශවල වාර්තාවක් ලබා ගැනීමට තීරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඉන්සියුලින් එන්නත ඇතුළු ඖෂධ වර්ග අනූවක පමණ හිඟයක් පවතින නිසා රෝගී ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා 6වන ශ්‍රේණිය සිට ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රතිසංස්කරණයේ දී විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය කරමින් එම පුහුණු විධිමත් කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැලපෙන ගුරුවරු නිර්මාණය කිරීමටද කටයුතු කරන බවත් වර්තමානයේදී පවතිනුයේ සැළලිහිණි සංදේශය පැවති සමය දක්වා දිවෙන ශත වර්ෂ ගණනාවකට එහා දිවෙන ගුරු පුහුණුවක් බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණිත තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍ර ලෙස පහල බසිමින් පවති.

Read More

’’ අද ආණ්ඩුවේ ප්‍රධාන කාර්යය තම පවුලට චෝදනා කිරීම බවත් හෙටානිද්දා තමන් අත් අඩංගුවට ගත්තත් කවුරුත් පුදුම නොවිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22දා) උදේ කළුතරදී ප්‍රකාශ කළේය .

Read More

ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

දුම්රියේ ගැටීමෙන් සිදු වූ අවාසනාවන්ත අනතුරෙන් වන අලි 07 දෙනෙකු මියයාමෙන් පසු එවන් අනතතුරු යළි සිදුනොවීම හා වන අලි දුම්රියේ ගැටීම වළක්වාලීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් හා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් 22 උදෑසන කවුඩුල්ල ජාතික වන උද්‍යානයේදි පැවැත්විණ.

Read More

චීනය බ්‍රිතාන්‍යය අභිබවා වඩාත් බලවත් මෘදු බලය සහිත රට ලෙස ලොව දෙවන ස්ථානය හිමි කර ගනී. බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය හයවන වාර්ෂික ගෝලීය මෘදු බල දර්ශකය නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර මායිම් ප්‍ර‍දේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුනයත් සමග කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිත‍යේ (23) දින හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී.

Read More

පෞද්ගලික සමාගමක පරිහරණයට බව පවසා කුලී පදනම මත සුඛෝපභෝගී වාහන ලබාගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා ඉතා අඩු මිලට විකුණා තිබූ සුඛෝපභෝගී වාහන හතළිස් අටක් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 22 රාත්‍රී කාලයේ සහ 23 අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.