කුලියට ගත් වාහනයට ධාවන සටහන් නොමැතිව ලක්ෂ 135ක් ගෙවලා
ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය විසින් මහනුවර උතුර- පාතදුම්බර ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය සදහා කුලියට ගත් SUV වාහනය සදහා ධාවන සටහන් ලබාගැනිමෙන් තොරව රුපියල් මිලියන 13.5ක කුලී මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත..
2021 මාර්තු මස 15වැනි දින සිට 2024 මාර්තු 15 දක්වා කාලය තුල මෙම වාහනය සදහා කුලී මුදල් ගෙවා ඇති බැව් විගණන වාර්තාවේ සදහන් වේ. එමෙන්ම ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට වාහනයක් අනුයුක්ත කර තිබියදි හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් විසින් එම වාහනය භාවිතාකොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම හිටපු ආමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්ගේ ඉල්ලිම් පරිදි රේඛිය අමාත්‍යංශයේ ඇමතිවරයාගේ උපදේශකයින්ගේ භාවිතය සදහා මසකට රුපියල් එක්ලක්ෂ, දසදහසක (110,000) මිලකට මෝටර් රථයක් කුලියට ගෙන තිබුණි. ප්‍ර දේශිය සහායක මධ්‍යස්ථානයේ මෙහෙයුම් සදහා වෙනත් කැබ් රථයක් භාවිතාකොට තිබුණි. එය ව්‍යාපෘති කටයුතු සදහා භාවිතාකර තිබු බවට කිසිදු සාක්ෂියක් නොතිබුණි. ඒ අනුව එම වාහන සදහා වැයකළ රුපියල් මිලියන 17.82ක මුදල ව්‍යාපෘතියට අනාර්ථික ගණුදෙනුවක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
අනාර්ථික ගනුදෙනු සදහා අදාළ නිලධාරින් වගකිවයුතු අතර භාවිතා කිරිමේ දි සිදුවන අලාභ අදාළ නිලධාරින්ගෙන් අයකළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිගේ ලිඛිත ඉල්ලිම මත වාහනය කුලීයට ගෙන ඇති අතර එය මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයින් සදහා වෙන්කොට ඇති බැව් ජාතික ජලසම්පාදන මණ්ඩලය විසින් විගණනයට සදහන් කොට ඇත.
ධාවන සටහන් ලබාදි නොතිබුණද මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ධාවන සහතිකය සමග සෑම ගෙවිමක්ම සිදුකොට ඇති බවද මණ්ඩලය විසින් විගණනයට සදහන්කොට ඇත. සාමාන්‍යාධිකාරිගේ ලිඛිත උපදෙස් මත ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘති බෝහොමයක් පරික්ෂා කිරිම සදහා අමාත්‍යවරයාගේ උපදේශක වෙත වාහනය වෙන්කොට ඇති බවද මණ්ඩලය විසින් විගණනයට සදහන්කොට ඇත.
ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

