saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 4476 hours ago

LATEST

හිටපු උපකුලපතිට පහරදීමට විරුද්ධව පාර්ලිමේන්තුවම එක් හඩකට

calendar_today 2022 දෙසැ 13 - 11:13 remove_red_eye - 625  

විශ්වවිද්‍යාල තුළ පහරදීම් ඇතුලු අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පක්ෂ, පාඨ භේදයකින් තොරව සියලු පක්ෂ එකට එකතුවී තීරණයක් ගත යුතු බව අද (13දා) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැන් අදහස් පළ කරමින් පැවසීය.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 දෙසැම්බර් 13) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

පිළිකා රෝගයකින් පීඩා විඳි පුද්ගලයෙකු ඉන් ඇතිවන වේදනාව දරාගත නොහැකි කනේරු ඇට ආහාරයට ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ් මහතා 76 හැවිරිදි වියෙහි පසුවිය.

Read More

අද ( 13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට ඊයේ (12) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ඉකුත් 10දා රාත්‍රී මාරක රිය අනතුරක් සිදු කර ඩුබායි වෙත පළා ගිය කෝටිපති ව්‍යාපාරික එම්.බී.එන්.රිසාක් නැමැති 26 හැවිරිදි තරුණයා යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී ඊයේ (12දා) රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ජෝර්දානය හුවමාරු මධ්‍යස්ථානයක් කර ගනිමින් විවිධ රටවල රැකියා සඳහා නීතීවිරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් රැගෙන යාමේ තවත් ජාවාරමක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් දැඩි අවධානය යොමුකිරීමට පියවර ගෙන ඇත. මෙවැනි ජාවාරම් පිළිබඳව නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා විය.

Read More

වතුකරයේ පාසල් වලට ළමුන්ගේ පැමිණිම බරපතල ලෙස අවම මට්ටමක පවතින බවත් අධ්‍යාපනය බරපතල කඩා වැටිමකට ලක්ව ඇති බවත් වතුකරයේ ළමුන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි සිටින බවත් ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය.

Read More

පොලී රහිත ණය ලබාදීම වැනි දිරි ගැන්වීම් හරහා ජනතාව අතර සූර්ය පැනල භාවිතය ප්‍රචලිත කරන්නේ නම් විදුලි බිල වැඩි නොකර මෙම විදුලි අර්බූදය විසඳා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ කෑගලු දිසා සමුළුව ඊයේ (11දා) දින අමතමිනි.

Read More

ගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක පැවති ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟයක් අවසානයේ, අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් ආදි ශිෂ්‍යයෙකු ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර බවත්, අනතුර සිදු කර පළාගිය රියදුරාද රහසිගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවද ගල්නෑව පොලිසිය පවසයි.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය නව කළමනාකාර භාරයක් පත්කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

Read More

රජයේ මූල්‍ය පහසුකම් ලැබෙනතුරු ස්වයං මූල්‍යකරණ යාන්ත්‍රණය හරහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි. මේ වනවිට රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන ඇතැම් නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු තාවකාලික පසුබෑමකට ලක්ව තිබීම ඊට හේතුවයි.

Read More

නැගෙනහිර පළාතේ ඇති ගව ඝාතකාගාර හා මස් අලෙවිසැල් සතියක කාලයකට වසා තබන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් ලබා දී තිබේ.මෙම නියෝගය කුකුළු මස් හැර අනෙකුත් මාංශ සඳහ අදාළ වෙයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

Read More

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන අයුරින් රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යයෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

Read More

කොල්ලුපිටියේ මාරක රිය අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී ‌බෙන්ස් රථය පැදවූ පුද්ගලයා 24 හැවැරිදි ව්‍යාපාරිකයෙක් බවත් ඔහු මේ වන විට ඩුබායි වෙත පළාගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත් පොලීසිය පවසයි. අනතුර සිදුවූ පැය කිහිපයක් ඇතුළත ඔහු රටින් පළාගොස් තිබේ. රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එමින් සිටියදී මෙම බෙන්ස් රථයට ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක් අනතුරට ලක්කළ අතර ත්‍රි රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගියේය.

Read More

ශ්‍රී ලංකාවේ වායු ගුණත්වය සාමාන්‍ය මට්ටමට තවදුරටත් පැමිණෙමින් තිබේ. වායු ගුණාත්මක දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක් තුළ මේ වන විට සෞඛ්‍යයට අහිතකර මට්ටමක නොමැත.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

අනුරාධපුර තිසා වැව ආසන්නයේ පිහිටා ඇති භාවනා මධ්‍යස්ථානයක නායක හිමි දානමය පින්කමකට වැඩම කර සිටි අවස්ථාවේදී ඊයේ (11දා) ආවාස ගෙය කඩා රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරකම් කර ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළිත් හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12දා) නියෝග කළාය. නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ඔහු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරණි

Read More

මාකට් නීතිය අහෝසි කිරීමත් සමග නගර මධ්‍යයේ මහා පරිමාණ එළවඵ වෙළෙඳ සැල් ආරම්භ කිරීම නිසා, දිවයින පුරා ඇති සතිපොළවල් මේ වන විට වැසී යමින් පවතින බව සතිපොළ වෙළෙන්දෝ පවසති. නගර සභා සහ ප්‍රාදේශීය සභාවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සතිපොළ ආදායම මේ වන විට විශාල ලෙස අඩුවෙමින් පවතින බවත්, එම පොළවල්වල ටෙන්ඩර මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බවත් එම වෙ⁣ළෙඳුන් පෙන්වා දෙති.

Read More

මැණ්ඩවූස් සුලි කුණාටුව හේතුවෙන් උතුරු මුහුදු තීරයට බලපෑ සුලි සුලඟට හසුවීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ධීවර යාත්‍රා 50 කට ආසන්න දැඩි හානි සිදුව ඇතැයි උතුරු පලාත් ධීවර සංගම් පවසති.

Read More

යාපනය හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් චෙන්නායි සිට ඉන්දියාවේ ඇලියාන්ස් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් යාපනය ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

Read More

දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රූප වෙතට ඊයේ (11දා) දින වව්නියාවේදී කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කොට විරෝධතාවක නිරත වීමට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබුණි.

Read More

ලංගම බස්රථ දෙකක් අද (12දා) අළුයම එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

Read More

අසත්‍ය තොරතුරු මත විදේස්ගතවී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් සිය කාර්යංශයට මැදිහත්විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමරසිංහ මහතා පවසයි.

Read More

ප්‍රධාන දුම්රිය මාර්ගයේ, පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ පිහිටි පොල්ගහවෙල - කෑගල්ල, A 19 මාර්ගය හරහා වැටී ඇති පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු සඳහා එළැඹෙන 15දා සිට 18 දා දක්වා සිදුකිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක් කියලා. (සහන) අනාගතයේදී ලැබෙයි. මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ කල් තියෙනවා ඕන තරම්. අපි ජනතාවට කියන්නේ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා’’

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ අක්කර 1500 ක පමණ අති විශාල බඩ ඉරිගු වගාව සේනා දළඹු ප්‍රහාරයක් එල්ලවීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.