නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. මේ වන විට සේවා දිගුවක සිටින පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ලබන 26දා අවසන්වීමට නියමිතය.
මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් යෝජනාවී තිබේ.
පොලිස්පති ධූරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිටින ජනපතිවරයා නැවත දිවයිනට පැමිණීමෙන් පසුව තීරණයක් ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.
පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයා කරන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරනු ලැබිය යුතු වෙයි.