අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල් පරිශ්‍රය තුළදී ඇති කර ගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලබා ඊයේ (19දා) රෝහලේ වාට්ටු දෙකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ මෙලෙස නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද් වරයෙකු සහ වෙනත් වෛද්‍යවරයෙකු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජකාරිය සම්බන්ධයෙන් කලක සිට ඇතිව තිබූ ගැටළුවක් ආරවුලක් දක්වා දුර දිග යෑම හේතුවෙන් ඇතිවූ ගැටුමක්, ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමෙන් මෙය සිදුව තිබේ.
මෙම ගුටිබැට හුවමාරුව හේතුවෙන් තුවාල ලැබූ විශේෂඥ වෛද්‍යවරයා සහ අනික් වෛද්‍යවරයා ඊයේ (19 දා) පස්වරුව වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 20 සහ 11 ප්‍රතිකාර ලැබූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කළේය.
අනුරාධපුර ශික්ෂණ ඉහළ මාලයේ ඇති සැලසුම් කාර්යාලය ආසන්නයේදී මෙම ගුටි බැට හුවමාරුව සිසුව තිබෙන බවත්, එය රෝහලේ කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බලා සිටියදී සිදුව ඇති බව ද සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සම්බන්ධ කර ගැනීම සඳහා අවස්ථා කීපයක දී ඇමතුම් ලබා ගත්තද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.