නෑ ගමන මළ ගෙදරක් වෙයි, නැන්දම්මා හා ලේලි අනතුරකින් මරුට
සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය අසලදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් පියෙකු සහ දියණියක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
ගම්පහ දොම්පේ පුවක්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි එච් .එම්. කමලාවතී (70) , සහ මුදුගමහේවගේ සිරියාවති(51) යන නැන්දම්මා සමඟ ලේලියක මෙසේ මියගිය බවද පොලිසිය කීය .
මෙම අනතුරින් 53, හැවිරිදි පියා සහ 22 හැවිරිදි දියණිය ක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය පැවසීය .
මොවුන් හාලිඇල බෝගහමඩිත්ත ප්රදේශයේ පදිංචි ව සිටින සිය දියණිය ගේ නිවසට සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
ඇල්ල ප්රසාද් රුක්මල්



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
