saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 3817 hours ago

LATEST

රංජන් ලැප්ටොප් ගෙනෙයි - තවත් ගේන්න තියෙනවලු

calendar_today 2023 මැයි 12 - 10:05 remove_red_eye - 1203  

රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකාවේ අගහිගකම්වලින් යුත් දරුවන් අතර බෙදාදීම සදහා ලැප්ටොප් පරිගණක 215 ක් රැගෙන 05/12 අලුයම අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගොස් කල දැනුම්දීමකට අනුව ඔවුන් වෙත දේශපාලන බලපෑම් ඇතිදැයි සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 2023.03.29 වන දින ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා යවා ඇත.

Read More

පුද්ගලික අංශය යුරියා අඩු මිලට අලෙවි කරමින් තිබියදි ගොවිජන සේවා මධ්‍යස්ථවලින් වැඩි මිලට යුරියා හා මඩ පොහොර අලෙවි කරමින් තිබෙන බවත් මේ නිසා ගොවිජන තාවට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සදහන් කරයි.

Read More

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් තිබෙන නිසා ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා ප්‍රජාවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කල විහාරාධිපති හිමි නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන් නමක් අද (11) අත්අඩංගුවට ගත්බව පයාගල පොලිසිය පවසයි .

Read More

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

දිවයිනට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සි.සී.) ඉම්රාන් කවාජා හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදි සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශපාලන බලපෑම් ඇත්දැයි සොයා බැලීමට සඳහා මෙරටට පැමිණ සිටින කවාජා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නිළධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ඔහු කළ දැනුම්දීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා හා උප සභාපතිවරයා අතරද හමුව පැවැත්විණි.

Read More

රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ මගනැගුම ආයතනයේ විශාල පිරිසක්ව න්දි ගෙවා බලහත්කාරයෙන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසීය.

Read More

අධ්‍යක්ෂ ජනරාල්වරිය අනිවාර්ය නිවාඩු යැවීම ඇතුළු හිටපු සභාපතිවරයාගේ අනීතික පරිපාලන තීන්දු නිසා සිදුවූ අලාභය පියවා ගැනීම ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස අමාත්‍යාංශයට දන්වයි

Read More

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව අද පස්වරුවේ කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .

Read More

මෙවර යල කන්නයේ දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් සහනාධාර මුදලක් ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත.

Read More

රූපලාවණ්‍ය කටයුතු සිදු කරන මුවාවෙන් ගොස් රූපලාවන්‍ය ශිල්පිනියන් ගේ ණය කාඩ්පත් සොරාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ මිලදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ 20 හැවිරිදි සුරිපි තරුණියක අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.

Read More

මධ්‍යම පාංතිකයන් වෙනුවෙන් රුපියල් බිලියන 25ක වටිනාමකින් යුතු නිවාස ව්‍යාපෘති පහක් ඉදිරි වසර තුන තුළදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටළුවක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටළුව විසඳන බව, අග්‍රමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2023.05.11 දින ප්‍රකාශ කළේය.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

රට තුළ භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් ඊයේ දින පියත් නිකේෂල මහතාට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් සංවිධානාත්මක කණ්ඩායමක් සමග එක්ව මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් මේ වන විට මැර ප්‍රහාරයට ලක් වූ සහ මැර ප්‍රහාරය එල්ල කළ දෙපළම අත්අඩංගුවට ගෙන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

තියුණු ආයුධ රැගෙන ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළඳසලකට මහා දවාලේ කඩා වැදි තියුණු ආයුධ පෙන්වා ව්‍යාපාරිකයා බියගන්වා ඔහු පැළඳ සිටි රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ දෙදෙනාගෙන් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

පාසල් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද උදෑසන අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සමත්ව ඇත.

Read More

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා තමන්ට පහරදුන් බවට කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා කළ පැමිණිල්ලක් අනව ප්‍රියත් නිකේෂල අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.

Read More

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්ස වෙඩිකන්ද ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් ඉකුත් 10 වන දින ගල්කිස්ස දූෂණ මර්දන අංශය මගින් වටලා එහි කළමණාකරිය සමග ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 217 ක අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අයකැමිවරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරුවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට, පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලෙහි සදහන් බවද පොලීසිය පවසයි.

Read More

යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් බැලුම්මහර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13 ක දැරියක් නිවසින් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි.

Read More

ලෝක සංචාරක නගර සම්මේලනයේ 2023 වසරේ චං-ශා කඳුකර සංචාරක සමුළුව අද (10) හූනාන් හි වැං-ශා හිදී ආරම්භ විය.

Read More

දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 607.5 ක් නීති විරෝධීව ආනයනය කළ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

Read More

අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අරගල භුමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස යොමුකර ඇති ලිපියක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

Read More

ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.