ගංවතුරේ විනෝද වෙන්න ගිය සිසුවා ජිවිතක්ෂයට
බද්දේගම ගනේගම බටහිර ප්‍රදේශයේ ගංවතුරේ ටියුබ් එකක නැගී විනෝදවූ තරුණ කණ්ඩායමක සිටි පාසැල් සිසුවෙක් ජලයේ ගසාගෙන ගොස් ඊයේ (05) ජීවිතක්ෂයට පත්වී ඇතැයි බද්දේගම පොලීසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගනේගම බටහිර, වගාහේන ප්‍රදේශයේ පදිංචි ජී. එල්. නයන තත්සර (17) නමැති පාසැල් සිසුවෙකි.
මෙම සිසුවා ඇතුලු ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් එදින ගංවතුරේ විනෝද වෙමින් සිට ඇති අතර, මොහු පදිමින් සිටි ටියුබය අතහැරී ඔහු ජලයේ ගසාගෙන ගොස් ඇත. පසුව ප්රදේශවාසියෙක විසින් ඔහු ගොඩගෙන බද්දේගම දිසා රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මියගිය සිසුවා බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර පසුගියදා නිමාවු අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) විභාගයටද පෙනී සිට ඇත. ඔහු විද්‍යාලයේ නර්ථන අංශයේ පෙරදිග සංගීත බෙර වාදන කණ්ඩායමේද සාමාජිකයෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
